Tuesday, August 30, 2011

ඇනිවසරිය..


දුටුව මුල් දින ඔබ 
සිනා මල් පිපුනා මුවග
හිටියත් වෙන අය එමට
හිත ගියේ මට නුඹට 

නෙක දසුන් මවන්නේ 
මියුරු ගී ගයන්නේ
මැසිවිලි නොදෙන්නේ 
ඇස ඔබෙන් ඉවතට නොයන්නේ 

යන එන හැම තැනම 
ආවා පසුපසින් මා සමගින
දුන්නා සහය හැමවිට
ඉගෙනුමට සහ විනෝදයට 

වසරක් පුරාවට
දුක සතුට බෙදාගත්
තනියට ලඟින් උන් 
නුඹයි මගෙ ලැප්ටොප් 

5 comments:

  1. නොකා නොබී හිටියත් ලැපී නැතිව දවසක් ඉන්න බෑ නේද මචන්?

    ReplyDelete
  2. @kavinda:අනිවා මචං

    ReplyDelete
  3. ජීවිතය බැදි ඩිජිටලයට...
    අපේ මොළවල බැදි මළ කඩ...
    හූරාගෙන වෑස්සෙන සිතුවිලි..
    ලැපී ගේ සුකමළ වතින්
    එක්විය සයිබරයට..

    අසංකයෝ බ්ලොගයක නුබ..
    පළකල වග නුබේ ප්‍රේමය
    බුරාගෙන එන බොක්කෙන්ම
    ලැපී ගැන මේ ලෙස
    දැක පිනා ගියෙමි සකි සද...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...