Thursday, August 11, 2011

එක්තරා රැයක්


රාත්‍රිය එළඹිලා දෑස නිදි බර වෙලා
සැතපෙන්න කාලයයි තනි යහන මට සුවයි
ඇස් වසාගතිමි මා ඇරයුම් කරමි නුඹට
නිදි දෙව් දුවේ එන්න මා සොයා මා සොයා

සිහින ලොව සැරි සරන අතර තුර මා යසට
තව කෙනෙක් වෙර දරයි බිඳින්නට ම‍ගෙ නින්ද
අවසර නැතත් ඇයට මා අසල දැවටෙන්න
මද සුලඟෙ දැවටිලා එනවා ඈ මා වෙතට

සවනතට ලංව ඈ රහස් කොඳුරන විටක
නිදි දෙව් දුවද මා හැර දමා යයි දුරට
මගේ ගත සලිත වී යයි ඇගේ පහස ලැබ
සිතේ තෙරපෙන හැඟුම තවත් බෑ ඉවසන්න

හිතුනි මට කෑ ගසා කියන්නට මුළු ලොවට
ඇසෙන ලෙස මේ ලෙසින්
                     |
                     |
                     |
                     |
                     |
                   \  /
                    \/
මොන මගුලක් ද මේ?
නිදා ගන්න දෙන්නෙවත් නෑ..


අම්මේ......., මදුරු කොයිල් ගෙනාපුවා නැද්ද?
මේ මදුරු‍වො කනවා...

12 comments:

  1. ayyeeee ikkamata mortein vaporizer ekak ganna ethakota oya wade iwarailu.... :P

    ReplyDelete
  2. weradei kiuwa..menna mehema kiyanna.."Me maduriyo kanawa"

    ReplyDelete
  3. නෙට් එක දාගන නිදා ගන්න කියන්න ඕකට තමා කම්මැලියා.

    ReplyDelete
  4. 'මදුරුවී', එහෙම නැත්නම් 'මදුරි' නේද මචන් කන්නෙ. :-)

    ReplyDelete
  5. අම්මෝ මට නම් කොයිල් අරහන් !!!!
    ඒ නිසා නෙට් සරණං තමයි !!!!
    නෙට් එක කොයි එකටත් හොදයි නේ.

    ReplyDelete
  6. අහා අපේ මදුරී නංගි දැකලා මෙයාට කවි සිතුවිලිත් පහළ වෙළා නේ.. :) :D

    ReplyDelete
  7. කට්ටියම කියන නිසා මං එහෙනම් මීට පස්සෙ නෙට් එක දාගෙන නිදාගන්නම්කො
    :D

    ReplyDelete
  8. @kavinda, buddhima: අපි ඒ වුනාට කියනකොට කියන්නෙ මදුරුවො කනවා කියලනේ.

    ReplyDelete
  9. Ayya use this Anti mosquito tool;
    http://www.4shared.com/get/fF6NqvPm/Anti_Mosquito.html
    Simple & amazing!!

    ReplyDelete
  10. හිකිස්... කොයිල් හොඳ නෑ, දුම සැරයි. රේන්කෝ නෙට් එකක් පාවිච්චි කරා නම් හරි...

    ReplyDelete
  11. නිදාගන්න එපා බං .. එතකොට ඔය ප්‍රශ්න මුකුත් නෑනෙ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...