Sunday, August 7, 2011

රටක් කැළඹූ නර්තන විලාසය!


පසුගියදා අසංක විසින් ඉදිරිපත් කල නර්තන අංගය හේතුවෙන් මුළු රටම මහත් කැළඹීමකට පත් වී ඇති බව AUDiOnline වෙත වාර්තා වෙනවා. මෙතෙක් කලක් දියුණුවෙන් දියුණුවට පත් වුනු ශ්‍රී ලාංකීය නර්තන ක්ෂේත්‍රයට වැදුන මරු පහරක් ලෙස නර්තන ක්ෂේත්‍රයේ විචාරකයන් මේ සිදුවීම පෙන්වා දෙනවා.
(මීට පෙර මෙම සිදුවීම නොදුටු අය ඇත්නම් මෙම ලින්කුව මගින් දැක බලා ගත හැක.)

මෙම අභාග්‍ය සම්පන්න සිදුවීමට විරෝධය  දැක්වීම සඳහා පසුගිය දිනක නිදහස් චතුරශ්‍රය ඉදිරිපිටදී විසි පහක් පමණ වූ අධික ජනකායකගේ සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද පැවැත්වුණා. විරෝධතා කරුවන් අදහස්  දක්වමින් මෙවැනි සිදුවීම් වහාම නතර කල යුතු බව ප්‍රකාශ කල සිටි අතර නැටුම් සංගායනාවක් කිරීමට කාලය එළඹ ඇති බව පෙන්වා දෙනවා.
රට පුරා අස්සක් මුල්ලක් නෑර මෙම නර්තනය පිලිබඳ කතා බහට ලක්වෙන බවත් අප වෙත වාර්තා වී තිබෙනවා.
මේ විවිධ පුද්ගලයන් විසින් මේ පිලිබඳ දැක්වූ අදහස් කීපයක්.

==========================================================
හපොයි...
ඔච්චරයි අඩු වෙලා තිබ්බේ.
==========================================================
පෙම්වතෙකු හා පෙම්වතියක් අතර ඇතිවූ සංවාදයක්:

පෙම්වතිය: ඒ මෙයා, අසංකට හොඳට dance කරන්න පුළුවන් නේද?
                 මාර ලස්සනයි.
                 dance star dance වගේ ගියා නම් හොඳ තැනකට  එන්න පුළුවන් වෙයි.
පෙම්වතා: ඔයාගෙ මොලේ හොඳ නැද්ද?
                dance star dance යන්න එයා ස්ටාර් කෙනෙක්ද?
                ශික් විතරක් අර කැපිච්ච පණුවෙක් වගේ දඟලපු හැටි.
                කැතේ බෑ.

=======================================================
මෙවැනි අසික්කිත සිදුවීම් නැවත සිදු වීම නැවත්වීම සඳහා මොහුව අත පය සෙලවීමට නොහැකි වන සේ ගස් බැඳ තැබිය යුතු යයි මම යෝජනා කරනවා.
=======================================================
මේ සිදුවීම වසර දෙදහස් පන්සියයක් පුරාවට පැවතී ගෙන එන අපේ සාඩම්බර නැටුම් කලාව විනාශ කිරීමට සිදු කරන ලද විදෙස් කුමන්ත්‍රණයක්මොහු බටහිර නූතන අධිරාජ්‍යවාදයේ අතකොළුවක්! අපි මේ සිදුවීම තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම කියන්න කැමතියි මොහු ඉදිරියටත් නර්තනයේ යෙදුනොත් මොහුගේ ගමන නැවත්වීමට මාරාන්තික උපවාසයක් දක්වා යාමට පවා අපි සූදානම් බව.
======================================================
මෙයා ඉස්සරහට සින්දු කියන එක නවත්තල දිගටම ඩාන්ස් කරා නම් හොඳයි වගේ.
අපිට කනක් ඇහිලා ඉන්න පුළුවන් එතකොට.
=======================================================

අසංකගේ singing හොඳයි,
dancing .... හොඳා..........යි....

=======================================================
බුද්ධ කාලීන සමාජයේ ජන මූල සංස්කෘතියේ ගැබ්ව පැවති ජන නැටුම් කලාව නැවතත් කරලියට රැගෙන ඒමක් ලෙසයි මා මේ නර්තනය දකින්නේ.
=======================================================
ඇත්තටම ඔයා කොහෙද මෙච්චර කල් හැංගිලා හිටියේ ඉංජිනේරු පුතේ...

කොහේ හරි කමක් නෑ දිගටම එහෙම හැංගිලා හිටිය නම් පින් සිද්ද වෙනවා.....
======================================================
සින්දු කියන්න නම් ඕන ගොනෙකුට පුළුවන්. ඒ වගේද නැටුම්


නියමයි පුතා..!!!





10 comments:

  1. නියමයි ඩාන්ස් එක !!!!
    අපෝ තරු වෙන්න යන්න එපා. එක්‍රයකින් එන තරු එක රැයකින්ම බැහලා යනවා. ඔහොම දිග ගමනක් යමු !!!!!

    ක්ලාස් කරන්න හිතාගෙන ඉන්නවනම් අපටත් කියන්න හොදේ.

    ReplyDelete
  2. ශාශ්ත්‍රීය නර්තන කලාව පන මෙන් රැකගෙන ආ මාව ද ගොනාට අන්දා බටහිර නර්තනයන් ලංකාව තුල ජනප්‍රිය කිරීම සඳහා අසංක දැරූ ප්‍රයත්නය

    ReplyDelete
  3. chubby boy dances well

    ReplyDelete
  4. niyamai.....Ratama Kelabu Asanka aiya......:P

    ReplyDelete
  5. හොඳ හොඳ නැටුම් තව ඉස්සරහට වගේ...

    ReplyDelete
  6. tamuse ara kalin hitiya wage bath room akate wela sindu kiyanawa oi, mehema wili lagge nati wade karann natiwa

    ReplyDelete
  7. tamuse ara kalin hitiya wage bath room akate wela sindu kiyanawa oi, mehema wili lagge nati wade karann natiwa..
    ramitha

    ReplyDelete
  8. @මධුරංග: ක්ලාස් කරන්න නම් ඉතින් අකිලගෙන් අහල බලන්න වෙයි. මම නම් දන්න මගුලක් නැත. හික් හික්!
    @කවින්ද: බලමු බලමු.
    @රමිත: මොකද මේ එක එක profile වලින් ඇවිත් comment කරන්නෙ?
    @අකිල: උඹත් ඉතින් මගේ trick එකට අහු වුනානේ. :D

    ReplyDelete
  9. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි කිව්වලු..... :P :P

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...