Thursday, April 28, 2011

Definition for Joker... :D

ඔන්න දවසක් කොහේදෝ මන්දා අපේ යාලුවෙකුගේ ගෙදර මළ ගෙයක් වෙලා කියල ආරංචියක් ආවා.. අපි යාලුවෝ එහාට මෙහාට call කරලා මැසේජ් ගහල පස් හය දෙනෙක් සෙට් වෙලා මළ ගෙදරට ගියා කෝම හරි.ගිහින් චාරිත්‍රානුකූලව දේහයට ගෞරව දක්වල ඉවරවෙලා වත්තේ අයිනක තිබුන ටෙන්ට් එක ඇතුලෙන් වාඩි වුණා කියමුකෝ. දැන් ඉතින් පච හලනවා කට්ටියත් එක්කම.  තිබ්බ පච සේරම හලලා ඉවර වුනාට පස්සේ දැන් කරන්න දේකුත් නැහැනේ. අමාරුවෙන් පැක් එකක් හොයාගෙන සෙල්ලම් කරන්න සෙට් වුණා. මමත් ඔය වැඩේට ගොඩක් කැමතියි තමයි. ඒත් ක්‍රීඩා කරන්න තව අය ඉන්නවනම් එයාලට තැන දීල පැත්තකට වෙන්න තමයි මං කැමති. නවකයන්ට අවස්ථාව දෙන්න එපැයි නේද?   :D

දැන් හතර දෙනෙක් සෙට් වෙලා සෙල්ලම් කරනවා. අපිත් ඉතින් වට වෙලා බලාගෙන ඉන්නවා. මේ බලාගෙන ඉන්න පිරිස අතරේ හිටියා ඇවිදින විශ්වකෝෂයක් බඳු වූ ඩයල් එකක්. ඔයාල දන්නවනේ  ඕමි ගහනකොට ජෝකර් කොලේ ඕන වෙන්නේ නෑනෙ . ඒක තිබුන අපේ කව්රු හරි අතේ .කෝමත් අර සුපුරුදු ජෝක් එක "මචන් මෙන්න උඹේ අයිඩෙන්ටිය" කියල කාට හරි ඕක දෙනවනේ තියාගන්න මුලින්ම.


ඉතින් මේ කොලේ දැකල අර අපේ විශ්වකෝෂ යාළුවා මෙහෙම කිව්වා අපි හැමෝටම ඇහෙන්න. 
"දන්නවද වැඩක්?
මේ ජෝකර් කොලේ පැක් එකට දාලා තියෙන්නේ spare card එකක් විදියට. මොකක් හරි card එකක් නැති උනොත්  ඒක වෙනුවට ජෝකර් කාඩ් එක පාවිච්චි කරන්න පුළුවන්."

අපිත් ඉතින් "ආහ්  ! ඇත්තද?" කියල නිකන් හිටියා.
මිනිහත් කතාව නවත්තන්නෙම නෑ. 
තමන්ගේ කතාව හරි කියල අපිට ඔප්පු කරන්නද කොහේදෝ කරුණු දක්වන්න ගත්තා.
"දැන් බලන්නකෝ මේ card එක දිහා.
මේකේ ස්කෝප්ප රුවිත හාරත කලාබර හතරේම මාර්ක් එක තියෙනවනේ."
අනිත් උන්ට නම් card ගහන අතරේ නිසා මේ ගැන වැඩි අවදානයක් තිබ්බේ නැහැ. මමයි තව එකෙකුයි මේ කතාව අහගෙන ඉන්දියේ.මං නිකමට වගේ ජෝකර් කාඩ් එක අතට අරන් බැලුවා. .ඇත්ත නේන්නම්. වංශ හතරේම ලකුණු තියෙනවා ජෝකර් කොලේ උඩ.
පලවෙනි පොයින්ට් එක හරි ගියානේ.
දැන් කොල්ලා ඊළඟ පොයින්ට් එකත් දාන්නයි ලෑස්තිය.

"මේ බලන්න මේ JOKER කියන නම දිහා.

J අකුර තියෙන්නේ බූරුවා කොලේ වෙනුවට.
O අකුර තියෙන්නේ Queen වෙනුවට.
K අකුර තියෙන්නේ King වෙනුවට."

හ්හ්හ්ම්ම්ම්ම්ම්....
බලාගෙන ගියාම මේ සේරම ඇත්ත නේන්නම්.
මෙයත් දන්න දේවල්......

එතකොටම මමත් ඇහුව ප්‍රශ්නයක්. මටත් මාර ඒවා තමයි හිතෙන්නෙ වෙලාවකට.
"එතකොට මචන් E අකුර තියෙන්නේ මොකක් වෙනුවටද?"
ඒකට නම් කොල්ලට උත්තර නැත.
මමත් නවතින්නේ නැතුව තව හරස් ප්‍රශ්නයක් දැම්මා.
"තව මේ R අකුරක් තියෙන්නේ?"
ඒකටත් උත්තර නැත.

ඒ අස්සෙම මට තවත් අදහසක් ආවා ඔලුවට.
"එතකොට කෝ මචන් මේකේ ආසියා වෙනුවට අකුරක් නැනේ.
හරිනම් A අකුරත් තියෙන්න එපැයි."
දැන් නම් අපේ යාළුවා සද්ද නැහැ.
ඒ පාර කල්පනා කරලා බැලුවම මේ කාඩ් එකට නම දාන්න තිබ්බේ JOKER කියල නෙමෙයි නේද කියලත් හිතුනා.
මං ඉතින් කට්ටියටම ඇහෙන්න හැදුව අලුතෙන් නමක් මේ කාඩ් එකට.
බූරුවා වෙනුවට   J
Queen වෙනුවට  O
King වෙනුවට     K
ආසියා වෙනුවට  A
දැන් ඔය රතු පාටින් ලියපු ඉංග්‍රීසි අකුරු ටික ජපන් ක්‍රමේට කියවල බැලුව නම් ඔයාලට හිතා ගන්න පුළුවනි මං දාපු නම.
හපොයි...
ජෝකර් කොලේ ගැන කතාවත් නැවතුණා එහෙම්ම.
සෙල්ලම් කරන උන් දිගටම සෙල්ලම් කරා.
අපි වෙන මාතෘකාවක් තෝරගෙන ආපහු පච හලන්න පටන් ගත්තා.



12 comments:

  1. කියනවනෙ කාඩ් ගහන එකට වැඩිය ජොලිය තියෙන්නෙ එතන පුච්චානන් කියෝන එක කියල.

    ReplyDelete
  2. ලොලේ ලොල්. මම ඒක බැලුවා මේක proof reading ආවේ නැත්තේ මොකද කියලා.

    මෙන්න දරුවා, ඇවිදින්නේ නැති විශ්ව කෝෂයෙන් සාක්ෂි;
    http://en.wikipedia.org/wiki/Joker_(playing_card)#Use_of_the_Joker_in_card_games

    ReplyDelete
  3. "Many card games omit the card from use entirely; due to this fact, Jokers are often simply used informally as replacements for lost cards in a deck by writing the lost card's value on the joker."

    ජෝකර් කාඩ් එක පැක් එකට දාපු ඇත්ත අරමුණ ඒක නෙමෙයි කියලයි මේ ලිපියෙන් කියන්නේ. අපි කරන සෙල්ලම් වලට ජෝකර් ඕන වෙන්නෙ නැත්නම් විතරයි replacement කරන්න පුළුවන්.
    නැත්නම් ඇත්තටම ජෝකර් ඕන වුනාම මොකද කරන්නේ? නිසංස මං හිතන්නෙ "රම්" බාල එහෙම නැතුව ඇති කවදාවත් ...

    අනේ මන්ද, බලල මල්ලෙන් එලියට පැන්නද කියලා.......

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. 1. "බලලා" නෙමෙයි "බළලා". සිංහල අනතුරුදායකයි ප්රnවේශමෙන් පරිහරණය කරන්න.

    2. The card was originally introduced in about 1860 for games of that family to be used as the highest trump.

    Of about hundreds of games that you can play by a pack, JOKER is only used in a handful. Thus its primary usage IS as a replacement card.

    ReplyDelete
  6. The card was originally introduced in about 1860 for games of that family to be used as the highest trump.

    ඕකම තමයි මාත් කියන්නෙ.

    ඒත් නිසංස ඔයාට තේරෙනවා ඇතිනේ අපේ මේ ඇවිදින විශ්වකෝශේ එයාගේ කතාව ඔප්පු කරන්න දාපු තර්ක ටික මෙලෝ රහක් නෑ කියලා.

    ReplyDelete
  7. අනේ මන්දා. ඔය මෙලෝ රහක් නැති දේවල් ගැන නං ඉතින් දන්නේ මනින්ද තමයි. :-p

    ReplyDelete
  8. කථාව හොදයි.... හැබැයි ටිකක් මදියි වගේ නේද ?

    ReplyDelete
  9. මුලින්ම මතක් උනේ නිසන්සවමයි විශ්වකොශේ කිව්වම. :-) කවුද බන් මේ කොශේ?

    ReplyDelete
  10. ආයේ කවර කථාද, ඔය ඇවිදින විශ්වකෝශය ගැන කියනකොටම මගේ මතකයට ඉස්සෙල්ලාම අවෙත් නිසංස අයියම තමයි.......

    ReplyDelete
  11. විශ්ව කෝශය කිව්වෙ නිසංස අයියා බව සම්පුර්ණයෙන් කියවන්න කලින් වටහා ගැනීමට හැකි විය.....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...