Friday, April 1, 2011

තෝසේ බුදින්නන්ගේ නිල ගීතය!


වර්ෂය :2009 
ස්ථානය : World Trade Centre, East Tower 36th floor.
අවස්ථාව : CS & ES AGM.


හැම අවුරුද්දකම වගේ CSE Dpertment එකේ ශිෂ්‍යයෝ ඉදිරිපත් කරන නාට්‍යය වේදිකාව මත රඟ දැක්වෙනවා. සුපුන් දසනායක නොහොත් සුප්පා තමයි drama එකේ නිර්මාතෘ.
නාට්‍ය ජවනිකාව : අනාගතයෙන් වර්තමානයට පැමිණි බුවෙක් තමන්ගෙ music player එක ක්‍රියාත්මක කරලා ඒකෙ play වෙන සින්දුවකට අනුව නැටුමක් ඉදිරිපත් කරනවා.
ගීතයේ තනුව සහ වචන සුපුන්ගෙන්. ගිටාර් වාදනය අපේ ජීවන්ත සහෝදරයාගෙන්. ගායනය.......
වෙන කව්ද ඉතින්, මම තමයි. හික් හික්!
මෙන්න මේ විදියේ ගීතයක් තමයි ඇහුනේ.


අයියෝ මගේ අම්මෝ බුදු සංතෝ බඩ දඟලනවෝ


ඊයේ රෑ භවන් එකෙන් මම තොසේ දෙකක් ඇඹරුවා
මග එද්දී මොරටුව හරියෙදි බඩත් ටිකක් කෙඳිරුවා
ලඟම තියෙන පොදු වැසිකිලියට මාත් ඉතින් ඇල්ලුවා 
ඉඳගත්තා ඉඳගත්තාමයි තාමත් නෑ නැවතිලා..... 


දැන් මේ වචන ටික කියෙව්වම ඊ.....යා කියල හිතෙන්න ඇති ඔයාලට සමහරවිට.
ඇත්තම කිව්වොත් අපේ උඩ batch ඒකෙ අක්කලත් drama එක පුහුණුවීම් කරද්දි මුලින්ම බලන වෙලාවේ මේකේ වචන සෙට් එක දැකල මූණ ඇඹුල් කර ගත්තලු. හරියටම කිව්වොත් කඩේකට ගිහින් තෝසේ කනකොට අපේ මූණ ඇඹුල් වෙනවා වගේ. හැබැයි ඉතින් එක අතකට බැලුවම මේ වචන වල ඇති වැරැද්දකුත් නැහැ නේද? ලංකාවේ කෑම කඩ වල තියෙන තෝසේ, කොත්තු සහ බඩේ අමාරු අතරේ තියෙන සම්බන්ධය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.
ඒත් සුප්පා මේ සින්දුවට දාලා තිබ්බේ මාර ලස්සන melody එකක්. අපේ ජීවා සහෝදරයා ගිටාර් එකෙන් තවත් මේ ගීතය හැඩ කරා කිව්වොත් මං 1000% නිවැරදියි. ඊට පස්සේ මට ඉතිරි වෙලා තිබුනේ මේක ගායනා කරන්න විතරයි. පස්සේ අපි තුන්දෙනා එකතු වෙලා මේක කියල පෙන්නුවම කලින් අදි මදි කරපු අයත් සින්දුවට කැමති වුණා. 
ඒ වගේම අපේ ඉසිර සහෝදරයා drama එක රඟ දක්වපු වෙලාවේ සෑහෙන්න හොඳ රංගනයක් මේකට ඉදිරිපත් කරා. අපේ අවාසනාවකට තාක්ෂණික දෝෂයක් නිසා drama එකේ video එක delete වෙලා. ඒ නිසා අද අපිට ඒ රංගනය ආපහු බලන්න විදියක් නැහැ. ඉතිරි වෙලා තියෙන්නේ අපි department එකේ CIT lab එකේ ඉඳන් record කරපු සින්දුව විතරයි. අද ඔයාලට පුළුවන් සින්දුව අහල බලන්න.




අද කතාව කියල ඉවර කරන්න කලින් තව දෙයක් තියෙනවා කියන්න. 
ඉස්සර සුප්පා අපේ අත බලල සාත්තර කිව්වා. අපි හැමෝම සාත්තර අහගෙන තියෙනවා මං හිතන්නේ. අපි ගැන කියපු  සාත්තර කෙසේ වෙතත් මේ සින්දුව හරහා කියපු එක අනාවැකියක් දැනටමත් ඇත්ත වෙලා කියල අවුරුදු දෙකකට පස්සේ මේ සින්දුව අහල බලද්දී මට හිතෙනවා.
මේකයි කතාව. මේ සින්දුව drama එකේ හැටියට අනාගතෙන් ආපු කෙනෙක් ගාව තියෙන ගීතයක්. අනාගතෙන් ආපු මේ සින්දුවේ melody එක මාර ලස්සනයි. ඒත් වචන???
මේ දවස් වල හැදෙන සමහර සින්දුත් මේ වගේ නේද කියල ටිකක් කල්පනා කරලා බැලුවොත් ඔයාලටම තේරේවි. කිසි ගැලපීමක් නැති වචන සෙට් එකකට ලස්සන තනුවක් දාලා කියනවා. එතකොට අපේ සුප්පා drama එක හරහා අපිට පෙන්නපු අනාගතය දැනටම උදා වෙලා නේද?


සුප්පා කියන්නේ හැම දෙයක් ගැනම වෙනස් විදියට හිතන නිර්මාණශීලි මනුස්සයෙක්. අපේ drama competition එකට කරපු "Romeos and Juliets " නාට්‍යයෙනුත් ඒක මනාව පැහැදිලි වුණා .මෙතනින් ඔයාලට එයාගේ තවත් නිර්මාණ රස විඳින්න  පුළුවන්.

1 comment:

  1. me sinduwa mama hithanne, bording wala inna hama campus kollekge saha kellekgema jeewana geethaya wage. e dawaswala kada kaama kaala bada yanakota toilet eke indan karanna deyak thibbe na, dan aluthen bording walata yana nangilata, mallilata toilet yana gaman me sinduwa thaleta kiyanna puluwan. kochchara deyakda

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...