Saturday, March 5, 2011

Wedding කතා අංක 1.


කලින් post  එකේ අපි practise කරපු හැටි ගැන කිව්ව නිසා අදත් practise අස්සේ වුන වැඩක් ගැන කියන්නයි ලෑස්තිය. මේ දවස් වල වැඩ වැඩි නිසා post එකක් දාන්නත් වෙලාව මදි වගේ. වෙලාවක් හම්බුන ගමන් ආපහු සින්දුවක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ. එතකං පොඩි කතා සෙට් එකක් දාන්න හිතුවා. බ්ලොග් එක පටං ගන්නකොටත් සමහරු ඉල්ලුවනේ ආගිය කතා දාන්න කියලා.
මෙන්න මේකයි කතාව.


ඔන්න අපි එක පාරක් තරඟ යන්න practise කරනවා. තරඟෙට දවස් දෙකක් විතර ඇති. මේ අතරේ අපේ යාලුවෙකුට wedding එකකට යාමේ තදබල උවමනාවක් ආවා. wedding එක තිබුනේ තරඟ තියෙන දවසට ඉස්සෙල්ල දවසේ වගේ. අපි ඇහුවම කිව්වේ පොර දෙවෙනි මනමාලයට ඉන්නවා, ඒ නිසා යන්නම වෙනවා කියලයි. කොහොමත් අපිත් දන්නවා දැන් මේකට සර් ගෙන් නිවාඩු ඉල්ලන්න ගියාම එකසිය ගානට බැනුම් අහන්න වෙන බව.ඒත් ඉතින් මේක නොයා බැරි ගමනක්නේ. ඒ නිසා කට්ටියම ඉන්න වෙලාවකදී අපේ යාළුවා සර් ට කිව්වා practise එන්න වෙන්නෙ නෑ කියලා.

මේක කිව්ව ගමන් සර් ට එකසිය ගානට තද වෙලා ඇහුවා practise එන්නේ නැතුව කොහේ යනවද කියලා.
ඉතින් අපේ යාලුවත් දුන්නා උත්තරේ. "සර්, wedding එකක් තියෙනවා, ඒකට යන්න ඕනේ"
එතකොට සර් ඇහුව මෙහෙම.
"wedding ??? ඇයි, කසාද බඳින්නේ තමන්ද?"
ඊට පස්සේ අපේ යාළුවා දුන්න මරු උත්තරයක්. මරු කියන්නේ මරේ මරු.
පොර හැමෝම ඉස්සරහ මෙහෙම කිව්වනේ....
"නෑ සර් මං තමයි bridesmaid"
ඊට පස්සේ වුන දේ ඔයාලට හිතා ගන්න පුළුවන්නේ. සංගීත කාමරේ සිනා සාගරයක් වෙලා තමයි නැවතුනේ.අපේ කස්ටියත් ඉතින් ඔය වගේ ආතල් එකක් ගන්න කව්රුම හරි අසරණයෙක් card එකක් ගහනකන් තමයි බලාගෙන ඉන්නේ.කොහොම හරි ඉතින් මිනිහ අන්තිමට wedding එකටත් ගියා.
අපි තරඟෙනුත්  place එකක් ගත්ත.

3 comments:

  1. aaah oka me ape thabla gahana hiranta wechchi deyakne,

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. @Jeewaka කට කට! ඔහොම ගිහින් අසංක වයලීන් ගහන ජීවකට වෙච්ච දේවලුත් ලියයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...