
සියලුම දෙනා බෙහෙවින් ආදරය කරන ඇස් ඇල් ටි තෑගි වරං ඇඩ් එකේ පෙන්වන ජාතියේ වයිෆයි රව්ටරයක් වූ මෙය ගෙදරට ගෙනවිත් මාස හතරක් පමණ ගතවී තිබුනත් මෙතෙක් කල් මම පාවිච්චි නොකරෙමි.
ඊයේ ප්‍රථම වතාවට පාවිච්චි කරන අතර තුර ස්පීඩ් එක චෙක් කරේ නිකමට වගේය. එක වතාවක ස්පීඩ් එක 0.11Mbps කි. තවත් වතාවක 0.4Mbps කි. තවත් විටක නෙට් යාමටද බැරිය
මේවා දකින මට තනි ඇහැට ඇඬුණි.
කතාව නම් දෝලාවෙන් ගමන පයින් කියන්නේ මේවාටය
ටීවී එකේ නම් කියන්නේ වහින වෙලාවටත් WWW දෙන්නේ මොවුන් පමණක් බවය. වහින දවස් වලට වඩා වහින්නේ නැති දවස් ගණන වැඩි බව ඒ වෙලේ මට මතක් වුනි. ඉතින් කලාතුරකින් එන දවසක ලැබේ යයි කියන වැඩි වාසියක් ගැන හිතේ තියාගෙන දවස් ගානක් ජාලයේ බඩ ගෑ යුතුය. අනිත් දවස් වලට හොඳින් ජාලයේ සැරි සරා වහින වෙලාවට ලැප් එක ඔෆ් කර නිදා ගන්න එක මීට වඩා සැපය. අනෙත් අතට වැස්ස වෙලාවට මා පාවිච්චි කරන 3G රැහැන් රහිත අන්තර්ජාල සම්බන්ධතාවයේ ස්පීඩ් එක අඩු වීමක්ද මෙතෙක් අත් දැක නොමැත.
දිනක් නින්දට යද්දී ෆෝන් කේබලය ගලවන්නට අමතක වූ එදින මධ්‍යම රාත්‍රියේ අතර අකුණක් ගසා රවුටරය අවසන් ගමන් ගියේය. නැවතත් එවන් තත්වයක් ඇති වුවහොත් රවුටරයක් ඇස් ඇල් ටි එකෙන්ම මිලදී ගත හැක.