Saturday, February 25, 2012

රුහුණට පැමිණි කඳුකරයේ යෝධයා!

ලංකාවේ ඉන්න rail fans ලා අතරේ එක විදියට ආදරයට ලක් වෙච්ච එන්ජින් මාදිලියක් තමයි M2 කියන්නෙ. 1954 සිට 1961 දක්වා කාලය තුල කැනඩාවෙන් ආධාර ලෙස අපේ රටට මේ මාදිලියේ එන්ජින් 12ක් ලැබෙනවා. කැනඩාවට කෘත ගුණ සැලකීමක් වශයෙන් මේ එන්ජින් වලට කැනඩාවේ ප්‍රාන්ත වල නම් ලබා දෙනවා. මීට අමතරව පසු කලෙක ලංකාව විසින් තවත් මේ එන්ජින් දෙකක් මිලදී ගන්නවා. ඒ‍ ගාල්ල සහ කන්කසන්තුරේ ලෙස නම් කර ඇති එන්ජින් දෙක.  M2D කාණ්ඩයට අයිති මෙම එන්ජින් දෙක ලංකාවට ගෙන එන්නේ සිමෙන්ති සංස්ථාවේ වැඩ සඳහා. නමුත් පසු කාලීනව මේ එන්ජින් දෙකත් මගී ප්‍රවාහනය සඳහා යොදාගන්නවා. මේ එන්ජින් 14 අතරින් කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට හසුවී විනාශ වුන 571 එන්ජිම හැරුන විට අනෙකුත් එන්ජින් 13ම ලංකාව පුරා මගීන් එහා මෙහා රැගෙන යමින් වසර පනහකටත් අධික කාලයක් මහත් සේවයක් ඉටු කරනවා.


මේ එන්ජින් 14න් දෙකක් විශේෂයි. ඒ  M2C කාණ්ඩයට අයිති වෙන 626 සහ 627 අංක දරන එන්ජින් දෙක. උඩරට මාර්ගයේ ධාවනයට සුදුසු වන පරිදි නිර්මාණය කර ඇති මේ එන්ජින් දෙකේ බොගිය අනෙකුත් ඒවාට වඩා වෙනස්. අනෙකුත් M2 එන්ජින් ඇක්සල් හයක් මත ධාවනය වුනත් මේ එන්ජින් ධාවනය වන්නේ ඇක්සල් හතරක් මත.(එක බොගියකට ඇක්සල දෙකක් බැගින් )
 එම නිසා එක ඇක්සල් එකක් මත පැටවෙන බර ප්‍රමාණය වැඩි අගයක් ගන්නවා. මේ හේතුව නිසාම මේ දුම්රිය එන්ජින් දෙකට රත්මලානෙන් එහාට මුහුදුබඩ මාර්ගයේ ගමන් කිරීමත් තහනම් කර තිබුනා. එයට හේතුව මේ එන්ජින් ගෙන්වපු කාලය වන විට මුහුදු බඩ දුම්රිය මාර්ගය මේ සාපේක්ෂව විශාල අගයක් ගන්න ඇක්සල් ලෝඩ් එකට ඔරොත්තු දෙන ආකාරයට සකස් කර නොතිබීම, ( දුම්රිය එන්ජින් අලුත්වැඩියා කරන ප්‍රධාන වැඩපොළ රත්මලානේ පිහිට ඇති නිසා අලුත්වැඩියා කටයුතු සඳහා රත්මලානට ගෙන ඒමට සිදු වෙනවා.)
නමුත් කාලයත් සමග දුම්රිය මාර්ගය ශක්තිමත් වෙලා පාලම් අලුතෙන් තැබීම ආදී හේතු නිසා අද වෙනකොට මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ධාවනය කිරීමට හැකියාව තිබුනත් මේ එන්ජින් දෙක උඩරට මාර්ගයට අත්‍යාවශ්‍ය එන්ජින් දෙකක් වීම නිසාම මුහුදු බඩ මාර්ගයේ රත්මලානෙන් එහාට ගමන් කර තිබෙන බවට හෝඩුවාවක් සොයා ගැනීමට නැති තරම්.  ඒ වගේම මේ එන්ජින් දෙකට තබපු නම් දෙකත් විශේෂයි. අනෙකුත් එන්ජින් වලට  කැනඩාවේ ප්‍රාන්ත වල නම් ලැබෙද්දී මේවාට ලැබෙන්නේ කැනඩාවේ නගර දෙකක නම්, ඒ montreal සහ Vancouver


ටික කලකට ඉහතදී 627 එන්ජිම අවාසනාවන්ත ආකාරයට කොළඹ කොටුව ආසන්නයේදී අනතුරකට මුහුණ දුන්නා. එදා අලුත්වැඩියා සඳහා  රත්මලාන වැඩ පොලට ගිය පසුව නැවත දැක ගැනීමට නොහැකි වුන 627 2011 වසර අගදී අම්බලන්ගොඩ ප්‍රදේශයට පැමිණි බවට ආරංචියක් ලැබුණා. මුහුදු බඩ මාර්ගය නවීකරණය සඳහා වසා දැමීමෙන් පසු මුළුමනින්ම ගලවා ඉවත් කර නැවත මාර්ගය එළනු ලැබුවා. ඉන් පසු මාර්ගයට ඇතිරීමට ගෙනෙන ගල් පටවාගෙන ගමන් කරන දුම්රිය (ballast trains ) ගමන් කිරීමට පටන් ගත් කාලය තමයි මේ. මේ කාලයේ මම ගෙදර සිටි දිනයක M2 එන්ජිමක නලාවක හඬ ඇසෙන්නට වුණා. අපේ නිවස පිහිටා තිබෙන ප්‍රදේශයට දුම්රිය මාර්ගයේ සිට ඇත්තේ කෙටි දුරක් නිසා දුම්රිය ගමන් කරන හඬ ඇසීම සාමාන්‍ය දෙයක්. වහාම බයිසිකලයේ නැගුන මා නතර වුනේ අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය අසල. ballast train එකක් සමග පැමිණි 627 දුම්රිය ස්ථානය අසල සිටින අයුරු දක්නට ලැබුණා, මේ ඒ අවස්ථාවේදී ගත් වීඩියෝවක්.


රැගෙන ආ කළුගල් තොගය මාර්ගයට දැමීමෙන් පසු නැවතත් ගල් පටවා ගෙන ඒමට ඉඳුරුව දුම්රිය ස්ථානය වෙත ගමන් කිරීමට පටන් ගත්තා. ඉන්පසු මගේ මිතුරන් දෙදෙනෙක් වන ටජ්මාල් සහ විදුර සමග එක්ව 627 පසු පසින් ඉඳුරුව දක්වාම ගමන් කලා. මේ ඉඳුරුව ප්‍රදේශයේදී ගත් වීඩියෝවක්.


විශේෂයෙන් කියන්න ඕනේ, මේ දින වල 627 එන්ජිමේ ඇති දෝෂයක් හේතුවෙන් කඳුකර ප්‍රදේශ වල ධාවනය කිරීමට නොහැකි නිසා තමයි මුහුදු බඩ මාර්ගය නවීකරණය කිරීමේ කටයුතු සඳහා යොදා ගන්නේ. වසර පනහක් වැජඹුන කඳුකරයේ යෝධයාට නැවතත් 100% යථා තත්වයට පැමිණ උඩරට මැණිකෙලා සමග ගමනේ දීමට ලැබේවා! 


9 comments:

  1. එල එල....මේකේ නේද අර ඇක්සල් වල අවුලක් තියෙන්නේ.....මොනවා වුනත් මෙව්වා තමා එංජින්...මම ආසම වර්ගය.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, මේක තමා, දැන් මෙයා ආපහු රත්මලානෙලු. හදපු ගමන් ආපහු යාවි උඩරට මැණිකේ බලන්න.
      මේවට කොච්චර නම් අනතුරු වුනාද?
      බස් වල හැප්පිලා ගිනි ගත්තා, සුනාමියට අහු වුණා. අලි හැපෙනවා. ඒත් තාම වැඩ. එකක් කන්කසන්තුරේ හිර වෙලා ඉද්දි නැවෙනුත් ගෙනාවනේ.

      Delete
  2. meka RML ne.meka thama thama Induruwa.

    ReplyDelete
    Replies
    1. මේ අපේ ඇම්8 මහත්තය නේද?
      එහෙනම් යමු ආපහු දවසක.

      Delete
  3. mamath asama 626 ha 627 thamai

    ReplyDelete
  4. උබත් කෝච්චි ගැන ලියන්ඩ ගත්ත ද ? එල එල.

    ReplyDelete
    Replies
    1. මට පිස්සු බං
      සංගීත පිස්සුව කෝච්චි පිස්සුව ක්‍රිකට් පිස්සුව තව මොනවා තියෙනවද මන්දා
      :D

      Delete
  5. තාමත් කෝච්චි වල හෝන් එකෙන්, එන්ජිමේ සද්දෙන අදුරන්න පුලුවන්ද?
    දැන් හොබීස්: කෑම සහ කොන්ක්‍රීට්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...