Saturday, December 31, 2011

සුබ නව වසරක්!

ඉර  වටේ  වටයක් කැරකුණු මහ පොලොව  
ගමන පටන් ගත තැනටම ආපසු එන මොහොත 
සමරන්න මුළු ලොවම සැරසී මග බලා හිඳින විටක 
මට හිතුනා ඔබ සැමට මෙසේ කියන්නට

මේ වසර ගෙවුනම මහ පොලොව  ආයෙත්
ගමන පටන් ගත් තැනටම ඒවි
ඒ වගේ එක තැන කැරකෙන්නේ නැති
ගමනක් යන්න ඔබට ලැබේවා දිරි 

ලබන නව වසරේ 
ජයෙන් ජය වේවා
නිරෝගී සුව ලැබේවා
සතුට සෙනෙහස ඉතිරේවා 

Saturday, December 24, 2011

මම TV එකේ චිත්‍රපටියක් බැලුවෙමි


එකෝමත් එක රටක රබර් වගේ ඇදෙන්න පුළුවන් මනුස්සයෙකුයි පේන්නෙ නැතුව ඉන්න පුළුවන් ගෑණු ලමයෙකුයි හිටියා....
මේ දෙන්නා ආදරෙන් වෙලිලා හිටියේ..... 
මේ ගෑණු ළමයට වහා ගිනි ඇවිලෙන සුළු මල්ලි කෙනෙකුත් හිටියා..... 
තව මෙයාලට හොඳ යාලුවෙක් හිටියා හිපෝ කෙනෙක් වගේ

මේ අතරේ ලෝකෙම ගිලින්න බලාගෙන නපුරු සතෙක් එනවා. 
Surfing board එකක් උඩ වැඩ පෙන්නන ඩයල් එකකුත් මේ නපුරාගේ හෙල්ප් එකට එනවා.

කොහොම කොහොම හරි දිවි පරදුවට තියල මේ සෙට් එක සටන් කරනවා ලෝකෙම බේරගන්න.
ගෑණු ළමයා මැරෙන්නත් යනවා. 
ඒ අස්සේ අන්තිමට අර surfing board කාරයගෙත් උදව් අරන් නපුරාව එලවනවා. 

අන්තිමට  ලෝකෙම බේරෙනවා. 
යන්තම්, මැරෙන්න ගිහින් අනූ නමෙන් බේරුණ අර ගෑණු ළමයා සිහිය ආවට පස්සෙ මුලින්ම තමන්ගෙ මල්ලිව දැක්ක ගමන් වැළඳ  ගන්නවා.
ඊට පස්සේ කොටු කොටු වගයක් පේන්න ගත්තා....


_(&$*@_@$*$@%#!#3131(!!!!


ශික් විතරක්.....
අක්කට තමන්ගෙ මල්ලිව බදාගන්නවත් දෙන්නෙ නැති හැටි මුන් 
ඒකටත් දානවනේ කොටු කොටු 

Friday, December 16, 2011

මාලු පාන්

බාල මහලු ඕනෑම කෙනෙක් ආහාරයට ගන්නා මාලු පාන් ( සමහරු කියන ආකාරයට මාලු බනිස්) ආහාරයට නොගත් කෙනෙක් සොයා ගැනීමට බැරි තරම්ය.
ලේසියට පහසුවට උදෑසන ආහාරයට, උදේ තේ වෙලාවට , හවස තේ වෙලාවට සහ අවේලාවට යන මෙකී නොකී සියලුම අවස්ථා වල ආහාරයට ගන්නා මාලු පාන් වල මාලු කෑල්ලක් දැකීම ඉතා දුර්ලබ අවස්ථාවකි.
ඇත්තෙන්ම කියනවා නම් මාලු පාන් එකක මාලු කෑල්ලක්  දැකීමට කලින් ආත්මයක මහත් පල මහානිසංස ලැබෙන පුන්‍යකර්මයක් කර තිබිය යුතුය. ඉතින් මාලු නැති, අල බතල දෙල් සෝයා මීට් වලින් පුරවා ඇති මේ පාන් (බනිස්) ගෙඩියට මාලු පාන් කියා නම වැටුනේ කෙසේදැයි ඔබ කිසි දිනක කල්පනා කර තිබේද?

ලංකාවේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ජන වහර වෙනස් වෙයි. එක ප්‍රදේශයකදී එළවලු ව්‍යංජන යනුවෙන් නම් කරන දෙය තවත් ප්‍රදේශයකදී මාලුව යනුවෙන් හදුන්වයි. මාලු පාන් යන කෑම වර්ගය මුලින්ම සාදන්නට ඇත්තේ මෙසේ පිසූ එළවලු වලට මාලුව යනුවෙන් ආමන්ත්‍රණය කරන ප්‍රදේශයක බේකරියක වන්නට ඇත. මාලු( පිසූ එළවලු) දැමූ පාන් නිසා මාලු පාන් යනුවෙන් මෙය නම් වන්නට ඇත. 
එහෙත් ලංකාව පුරා මේ කෑම වර්ගය ව්‍යාප්ත වූ පසුවත් මේ කෑම වර්ගය "මාලු පාන්" යනුවෙන් හැදින්වුන නමුත් මාලු යන වචනයේ තේරුම වෙනත් ප්‍රදේශ වලට යද්දී වෙනස් වුන නිසා මාලු පාන් වල තෝර මාලු ‍මෝර මාලු ඇති කියා මිනිසුන් සිතන්නට පටන් ගත්හ. ඒ නිසා තෝරු මෝරු ඇති සිතමින් මිනිස්සු තවමත් මාලු පාන් කන නමුත් හම්බ වෙන මාලුවෙක්ද නැත. එහෙත් මේ මාලු පාන් කෑම නවතින්නේද නැත. 

Wednesday, December 14, 2011

බම්බු කෝච්චිය

හවසට වැඩ ඇරිලා කෝච්චියෙ එනවා කියන්නෙ සෑහෙන ගේමක් දෙන්න ඕන වැඩක්. සෙනග අස්සෙ තෙරපිලා හිර වෙලා , සමහර වෙලාවට දොරේ එල්ලිලා තමයි එන්න වෙන්නෙ. අපිට ඔහොම දොරේ එල්ලිලා යන්න හරි කෝච්චියක් තියෙනවා. හදිස්සියෙවත් කෝච්චි ටික දුවන එක නැවතුනොත්?

Thursday, December 8, 2011

ලාබයි ඇපල්.......

මම සාමාන්‍ය පෙළ විභාගෙට ලක ලෑස්ති වෙන කාලෙදි සංගීත පන්තියකට ගියා. කළුපහන සර් කියලා හැමෝම ආමන්ත්‍රණය කරන හැමෝගෙම ආදරය දිනාගත්තු බොහොම හොඳ සර් කෙනෙක් තමයි මේ පන්තිය මෙහෙයුවේ.
පන්තියෙ උගන්වන ගමන් කම්මැලි කම යන්නත් එක්ක රස කතාවක් එහෙම කියන සිරිතක් සර්ට තිබුණා. දැන් ඉතින් ඒ සේරම කතා නම් මතක නෑ, පන්ති ගිහිල්ලත් අවුරුදු අටක් වෙනවනේ. ඒත් කතා දෙක තුනක් තාමත් හොඳට මතකයි. අද කියන්න යන්නේ ඒ විදියට මම අහපු කතාවක්.

Related Posts Plugin for WordPress, Blogger...