Friday, December 16, 2011

මාලු පාන්

බාල මහලු ඕනෑම කෙනෙක් ආහාරයට ගන්නා මාලු පාන් ( සමහරු කියන ආකාරයට මාලු බනිස්) ආහාරයට නොගත් කෙනෙක් සොයා ගැනීමට බැරි තරම්ය.
ලේසියට පහසුවට උදෑසන ආහාරයට, උදේ තේ වෙලාවට , හවස තේ වෙලාවට සහ අවේලාවට යන මෙකී නොකී සියලුම අවස්ථා වල ආහාරයට ගන්නා මාලු පාන් වල මාලු කෑල්ලක් දැකීම ඉතා දුර්ලබ අවස්ථාවකි.
ඇත්තෙන්ම කියනවා නම් මාලු පාන් එකක මාලු කෑල්ලක්  දැකීමට කලින් ආත්මයක මහත් පල මහානිසංස ලැබෙන පුන්‍යකර්මයක් කර තිබිය යුතුය. ඉතින් මාලු නැති, අල බතල දෙල් සෝයා මීට් වලින් පුරවා ඇති මේ පාන් (බනිස්) ගෙඩියට මාලු පාන් කියා නම වැටුනේ කෙසේදැයි ඔබ කිසි දිනක කල්පනා කර තිබේද?

ලංකාවේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ජන වහර වෙනස් වෙයි. එක ප්‍රදේශයකදී එළවලු ව්‍යංජන යනුවෙන් නම් කරන දෙය තවත් ප්‍රදේශයකදී මාලුව යනුවෙන් හදුන්වයි. මාලු පාන් යන කෑම වර්ගය මුලින්ම සාදන්නට ඇත්තේ මෙසේ පිසූ එළවලු වලට මාලුව යනුවෙන් ආමන්ත්‍රණය කරන ප්‍රදේශයක බේකරියක වන්නට ඇත. මාලු( පිසූ එළවලු) දැමූ පාන් නිසා මාලු පාන් යනුවෙන් මෙය නම් වන්නට ඇත. 
එහෙත් ලංකාව පුරා මේ කෑම වර්ගය ව්‍යාප්ත වූ පසුවත් මේ කෑම වර්ගය "මාලු පාන්" යනුවෙන් හැදින්වුන නමුත් මාලු යන වචනයේ තේරුම වෙනත් ප්‍රදේශ වලට යද්දී වෙනස් වුන නිසා මාලු පාන් වල තෝර මාලු ‍මෝර මාලු ඇති කියා මිනිසුන් සිතන්නට පටන් ගත්හ. ඒ නිසා තෝරු මෝරු ඇති සිතමින් මිනිස්සු තවමත් මාලු පාන් කන නමුත් හම්බ වෙන මාලුවෙක්ද නැත. එහෙත් මේ මාලු පාන් කෑම නවතින්නේද නැත. 

8 comments:

  1. දැන්නේ තේරුනේ. හික් හික්...

    ReplyDelete
  2. ෆිශ් බන් හදිසියකට ඉතින් නොකා බෑ හිහ්

    ReplyDelete
  3. එල පුතා එල

    ReplyDelete
  4. Plane ආප්පයක් රුපියල් 10යි. බිත්තර ආප්පයක් රුපියල් 30යි.
    එලවලු කෑම එකක් රුපියල් 100යි. බිත්තර කෑම එකක් රුපියල් 110යි..
    ඈය් යකෝ..! කෑම එකට දාන බිත්තරේම ආප්පෙට දාන්න බෑරි...

    ReplyDelete
  5. apawa danuwth kalata godak pin

    ReplyDelete
  6. පිංතූරේ දැකලා කටට කෙළ ඉනුවා !!!

    ReplyDelete
  7. මාලු තියෙන පාං කන්න නාවලට එන්න. මම් දැක්කා දැන්වීමක්. ඒකේ තියෙන විදීහට ඒවයේ මාලු තියෙනවා ලු. මම නම් කාලා නෑ. :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...