Tuesday, November 29, 2011

යුගයක නිමාව


ආවේ මේ බිමට අමුත්තන් ලෙස වුවත්
නොදැනීම ගතවුණා සිව් වසක් තව අඩක් 
සොහොයුරන් සොයුරියන් ගජ යහළු යෙහෙලියන් 
ලෙසින් අද සමු ගන්න පැමිණිලා වෙලාවක් 

මෙතෙක් කල් පිය නැගූ මාවතෙන් දුරස් වී
අලුත් මාවතක පිය නගන්නට සැරසෙති 
සිසු දිවිය නිම වුනා නැවත එන්නේ නැති 
සිත රිදුම් දෙයි සරසවි මවුන් මතක් වී

8 comments:

  1. මේ වචක කිහිපය දැන් දේශපාලනීකරණය වෙලා. ඒත් කියන්නම්. ඔබට සුභ අනාගතයක්.

    ReplyDelete
  2. අවුරුද්දකට කලින් අපිට වුන එක තමයි මල්ලි.ජීවිතේ ලස්සනම කාලයක නිමාව කිව්වොත් හරියටම හරි.

    සුභ අනාගතයක්.

    ReplyDelete
  3. අතීත සුන්දර මතකයනි එක්කල අනාගතේට මූන දෙන්න ඔබට ජය!

    ReplyDelete
  4. අපිත් තව මාස හයයි ඉන්නෙ අවුට් වෙනවා.

    ReplyDelete
  5. මම නම් දැන්ම යන්නේ නැතෝ! :-D

    ReplyDelete
  6. මට සුබ පතපු හැමදෙනාටම ස්තූතියි....
    ආ..... මෙන්න අපේ සර් කෙනෙකුත් මේකට කමෙන්ට් කරලා ;)

    ReplyDelete
  7. මාත් කාලයකට කලින් ඔහොම පෝස්ට් එකක් දැම්මා.
    අසංකගේ ඉදිරි අනාගතයට සුබ පතනවා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...