Saturday, October 15, 2011

කඩුගන්නාව සිට කඩිගමුව දක්වා රේල් පාර දිගේ... පින්තූර කතාව II

ඔන්න මං කියපු පින්තූර කතාවේ දෙවැනි කොටස. මීට කලින් මං මේ සවාරිය ගැන ලියපු පෝස්ට් ටික බලන්න මේ ලින්ක් වලට යන්න...

කඩුගන්නාව සිට කඩිගමුව දක්වා රේල් පාර දිගේ...


කඩුගන්නාව සිට කඩිගමුව දක්වා රේල් පාර දිගේ... පින්තූර කතාව I




අපේ ගමනෙදි දකින්න ලැබුන තවත් වැදගත් තැනක් තමයි sensation rock කියන ස්ථානය.
මෙතන කඳු බෑවුම පැත්ත සම්පූර්ණයෙන් පේනවා කිසිම බාධාවකින්  තොරව. 
කියල නිම කරන්න බැරි ලස්සනක්. 

ඒ අතරේ සුවිශේෂ කඳු කීපයකුත් පේනවා මේ ස්ථානයට.
මේ බතලේගල                                                                                 මේ උතුවන්කන්ද












            ටිකිරි මැණිකෙත් ලැසි ගමනින් ආවා අපි මෙතන ඉද්දි. මේ එයාගේ පොටෝ එකක්. මේ එන්ජිම W3 මාදිලියේ එන්ජිමක්.











අශාන් මල්ලිට උඩරට මැණිකෙ මුණගැහුනෙත් මේ ස්ථානයේදි. බලන්නකො ලස්සන...
මේ පින්තූරෙත් අශාන් මල්ලි මෙතන ඉඳන් ගත්ත එකක්. සෙන්සේෂන් රොක් ඉඳන් පහල බැලුවම පේන ආකාරය. 


මේ පින්තූරේ තියෙන්නෙ අංක 5 A දරන බිම් ගෙයට එළියෙන් තිබුණු පරණ දුම්රිය මාර්ගයේ පාලමක නටබුන් . ඉංග්‍රීසින් මුලින්ම රේල් පාර හදද්දි ගල් පර්වතයක් වටේට පාර දාපු අවස්ථාවක්. නමුත් දිගු කාලීනව ගලා යන ජල පහර වලට සේදී යාම නිසා මේ මාර්ග කොටස් අවදානම් සහගත වෙලා තියෙනවා. මෙවැනි තැනකින් වාෂ්ප දුම්රියක් පෙරලුනා කියලත් මම අහල තියෙනවා අවදානම නිසා පසු කාලීනව ගල විදලා බිම් ගෙයක් තුලින් රේල් පාර නැවත ගොඩනගලා තියෙනවා. කොළඹ සිට අංක කරගෙන ගියපු බිම් ගෙවල් වල අංක අනුපිලිවෙල වෙනස් කරන්න බැරි නිසා මේ විදියට අලුතින් හදපු බිම් ගෙවල් දෙක 9 A , 5 A කියල අංක කරලා තියෙනවා.




අපේ ගමනෙදි දැක්ක තවත් කන්දක් තමයි මේ. අලගල්ල කියල තමයි මේ කන්දට කියන්නෙ. 










 මේ අපේ යාලුවෝ වාඩි වෙලා ඉන්නෙ දුම්රිය නැවතුමක. වෙරලුගොල්ල දුම්රිය  නැවතුම. මේ දුම්රිය   නැවතුමට තියෙන්නෙ පොඩි වේදිකාවක් පමණයි.

ටිකට් දෙන්නවත් කව්රුවත් නැහැ. මෙතනින් දුම්රියට  ගොඩවෙන අය දුම්රියෙ  ගාඩ් මහත්තුරුන්ගෙන් තමයි අවශ්‍ය ටිකට් පත ලබාගන්නේ. 
රඹුක්කන ඉඳන් මාතලේ දක්වා දුම්රිය මාර්ගයේ  මේ වගේ නැවතුම් පොළවල් සුලබ දර්ශනයක් .


 මතකද කලින් පෝස්ට් එකේ පහලට යනවා පෙන්නපු ඩක්කුව?

අපි ඉහල කෝට්ටේ ස්ටේසමේ  ඉද්දි එයා ආපහු කඩුගන්නාව පැත්තට ගියා.
කන්ද උඩහට යන්න බලය සපයන්න  මේකෙ එන්ජිමක් නැති නිසා මේ විදියට කෝච්චියක පිටිපස්සෙ එල්ලිලා තමයි යන්නෙ. 

මේ අපේ හයික් එකේ අවසානය.. 
ආපහු කොළඹ පැත්තට යන්න තියෙන කෝච්චියෙ වෙලාව හරි නිසා අපි මෙතනින් ගමන අවසන් කරා. 
කිලෝ මීටර 16 ක දුරක් අපි මේ වෙනකොට පා ගමනින් ඇවිත් කඩුගන්නාවේ ඉඳන්. කෝච්චිය එන්න ටිකක් වෙලා තිබුන නිසා අපි කාලා බීලා මහන්සිය නිවාගෙන කෝච්චිය එනකන් බලන් හිටියා  



මේ අපි කට්ටිය පොල්ගහවෙලට වෙනකන් එක්කගෙන ගිය කෝච්චිය. මේ එන්ජින් එකට කට්ටිය ආදරේට කියන්නේ පූසා කියල. පූසා ගැන වැඩි විස්තර දැනගන්න මේ සටහන කියවන්න





මං පහුගිය දවස් වල දාපු පෝස්ට් වලින් අපේ රේල් හයික් එක ගැන ඔයාලට යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියල මම හිතනවා. ආයෙත් වතාවක් මේ වගේ ගමනක් ගියෝතින් ඒ විස්තරත් ඔයාලා එක්ක බෙදාගන්නම්.
දිගටම කෝච්චි ගැනම කතා කරපු නිසා ඊළඟ පෝස්ට් එකෙන් වෙනස් දෙයක් ගැන කතා කරන්නත් අදහසක් තියෙනවා. එහෙනම් යාලුවනේ ඊළඟ පෝස්ට් එකෙන් හමු වන තුරු හැමෝටම ආයුබෝවන්! 

5 comments:

  1. ගහිල්ල අවහම කැහිල්ල නැතී උනාද ඕය්?

    ReplyDelete
  2. ෂා කඩිගමුවටම ගිහිල්ල තියෙන්නෙ. :) අපිටනම් කඩිගමුවට යන්න වෙලාව මදිවුණා. ආයෙ දවසක යන්න ඕන.

    ReplyDelete
  3. @Ramitha:නෑ මල්ලි.
    කැහිල්ල වැඩි වුනා.

    @..ChAnDiKa..
    ඔව් ඔව්.
    අපි කඩිගමුවටම ගියානෙ ආපහු එන්න ට්‍රේන් එක සෙට් නොවුන නම් රඹුක්කනම යන්න තිබ්බා.

    ReplyDelete
  4. හරිම ලස්සනයි මල්ලි.දිගටම ලියන්න.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...