Thursday, October 13, 2011

කඩුගන්නාව සිට කඩිගමුව දක්වා රේල් පාර දිගේ... පින්තූර කතාව I

මේ දිග හැරෙන්නේ අපේ කඩුගන්නාව-කඩිගමුව හයික් එකේ පින්තුර කතාවයි...... 
අපි කඩුගන්නාවට වෙනකන් එක්කගෙන ගිය පොඩි මැණිකේ දුම්රිය කොටුවෙන් පිටත් වෙන්න සුදානමින් එදා දුම්රිය අරන් ගියේ M6 පන්තියේ 792 එන්ජිම. 

උදේ පාන්දර කෝච්චි පිස්සො එක්ක 5.55 ට කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වුන පොඩි මැණිකේ කඩුගන්නාව දිහාවට ඇදෙන්න ගත්තා.

කඩුගන්නාවෙන් අපිව බස්සල පොඩි මැණිකේ එයාගෙ සුපුරුදු ගමන බදුල්ලට යන්න පිටත් වුණා.

කඩුගන්නාව දුම්රිය පොලේ නවත්තල තිබුන අපූරු භාණ්ඩයක්. ඩක්කුවක්. කට්ටියම මේක දැකපු පාර වට වෙලා හොඳ හැටි බලාගත්තා. හැමෝම කතා වුනේ මේකේ ගමන නම් මාර ජොලි ඇති කියල. නුවර යන්න එන Intercity Express  එක එනකන් මෙයා බලන් හිටියෙ, ඒක ආවට පස්සෙ රඹුක්කන පැත්තට යන්න.


දුම්රිය පොලෙන් රේල් පාරට බැහැපු ගමන් මුලින්ම හම්බ වුනේ මෙන්න මේ රේල් ගේට්ටුව. අර පොඩි කාලෙ සෑහෙන්න ප්‍රසිද්ධ තේරවිල්ලක් තිබුණ මතක ඇති "අරිනකොට වැහෙනවා, වහනකොට ඇරෙනවා" කියලා
මෙන්න මේ ජාතියේ ගේට්ටු වලට තමයි ඒ තේරවිල්ල හදල තියෙන්නේ. දැන් මේවා වැඩිය දකින්න නැහැනෙ....
ඔය පසුබිමේ පේන්නේ කඩුගන්නාව දුම්රිය ස්ථානය 

රඹුක්කන පැත්තට යද්දි  මුලින්ම අපි දැක්කෙ ඩෝසන් කුලුන
කඩුගන්නාවේ ඉඳන් ටික දුරක් යද්දී සිංහ කට මුණගැහෙනවා. ඈතට කට අරන් ඉන්න සිංහයෙක් වගේ මේ ගල පෙනෙන නිසාලු මේකට සිංහ කට කියන්නේ.



සිංහ කට ලඟම තියෙනවා අලි පස්ස. මේ බිම් ගෙයට ඒ නම වැටිලා තියෙන්නෙත් ඈතට පෙනෙන ආකාරය ගැන බලල තමයි...

මතකද අර කඩුගන්නාවෙදි අපි දැකපු ඩක්කුව? එයත් මේ හරියේදි අපිව පහු කරගෙන ගියා රඹුක්කන පැත්තට. යන ගමන් රේල් පාර අලුත්වැඩියාවට අවශ්‍ය බඩු වගයක් මග දිගට අත ඇරගෙන තමයි ගියේ..
කන්ද පල්ලමේ යන නිසා හැටට හැටේ ගියා කොහොම හරි

මේ අපිට මුලින්ම මුණගැහුන කෝච්චිය. නුවර බලා යන ICE එක. 

ඊට පස්සේ පිංකි මැණිකෙත් මුණගැහුණා. පිංකි මැණිකේ කියන්නේ අපි කට්ටිය මෙයාට ආදරේට දාපු නමක්. CGR එකේ අය දාපු නමක් නෙමෙයි. මෙයාගෙ පාට නිසා තමයි මේ  නම වැටුනේ.


සඳරුවන්ට බලන ස්ටේෂමේදී තමයි පිංකිව මුණගැහුනේ. තව කෝච්චි කීපයක්ම මුණ ගැහුනා . ඒත් ඒ හැමදේම දාන්නත් බෑනේ. 

මේ අපි බිම් ගෙයක් ඇතුලට යන්න මොහොතකට කලින් ගත්ත පින්තූරයක්. 
      ඇතුලට ගියාම පේන හැටි.


සමහර බිම් ගෙවල් දිගයි, වංගු සහිතයි .කොච්චර ටෝච් අරන් ගියත් අඩි  දෙකකට  වඩා ඉස්සරහ පේන්නෙ නැහැ ඒ වගේ බිම් ගෙයක් ඇතුලෙ යනකොට. 


පෝස්ට් එක ටිකක් දිග වැඩි වෙනවා වගේ. ඒ නිසා මම ඉතුරු ටික වෙනම පෝස්ට් එකක දාන්නම්. මේ කතාවට පින්තූර ලබා දීපු සඳරුවන් කුඩාහෙට්ටි , දමින්ද ප්‍රසංගික සහ සුසිත සෙනරත් යාලුවෝ තුන් දෙනාවත්  මේ වෙලාවේ  මතක් කරන්න ඕන..
දෙවැනි කොටසෙන් නැවත හමුවෙමු.

3 comments:

  1. අඩෝ මැක්ස මචන්. මටත් යන්න ආස හිතුන. ඔය වගේ වෙනසක් කරන්න ඉදිරියටත් ජය !

    ReplyDelete
  2. මම පොඩි කාලේ කොළඹ ඉඳල බදුල්ලට කෝච්චියෙන් ගිය ගමන තාමත් මතකයි.මේ පෝස්ට් එක දැක්කම මට අද වගේම ඒ ගමන මතක් වෙනවා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...