Wednesday, October 5, 2011

උපන්දින සටහන....

කාලෙකින් බ්ලොගිය පැත්තෙ එන්න බැරි වුණා...
කොහෙද අර ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ වගේ තමයි. පහුගිය ටිකේ මූණු පොතේ වත් වැඩි වෙලා ඉන්න ලැබුනේ නෑ තිබ්බ වැඩ රාජකාරි වල හැටියට. වැඩ කිව්වේ ඉතින් project එක අරගෙන එහෙ මෙහෙ දුවන එකයි music practice  යන එක තමයි වැඩියත්ම.

ඊයේ මගේ උපන්දිනේලුනේ....
 ඉතින් රෑ 12 ඉඳන් ෆෝන් එකට වැඩ ගොඩයි. මූණු පොතට ඇවිත් බැලුවම මගේ තාප්පෙ කොල්ලෝ කුරුට්ටෝ ඇවිත් කුරුටු ගාලා ගිහිල්ලා. තාප්පෙ පිරිලා සුභ පැතුම් වලින්.
තාමත් ඒ සුභපැතුම් වලට reply කරනවා මම. :D
අවුරුද්දකින් මම වයසට ගියපු නිසා පොඩි දුකකුත් නැතුව නෙමෙයි. ඒත් මෙච්චර යාලුවෝ තොගේකට මාව මතක් වෙනවා නේද කියල හිතුනම ගොඩාක් සතුටුයි.
ඉතින් ඒ හැම යාලුවෙකුටම ගොඩාක් ස්තූතියි....
ඔන්න එහෙනම් මේ රසම රස කේක් ගෙඩිය ඔයාල හැමෝම වෙනුවෙන්...
හැමෝම රණ්ඩු නොවී බෙදාගෙන කන්න ඕන හොඳ ළමයි වගේ...


උපන්දිනේ අස්සේ සුභ ආරංචි වගේකුත් තියෙනවා කියන්න.
අපි කැම්පස් එකේ කරපු අවසන් වසර ව්‍යාපෘතියට යහපත් ප්‍රතිචාර දෙකක් ලැබිල තියෙනවා මේ සතිය ඇතුලත. IESL ආයතනය පවත්වපු Undergraduate Inventor Of the Year තරඟයෙන් හොඳම පහ අතරට අපේ ව්‍යාපෘතිය ඇතුලත් වෙලා... 7 8 9 දිනවල BMICH එකේ තියෙන ප්‍රදර්ශනයක අපේ ව්‍යාපෘතිය පෙන්වන්නත් අවස්ථාවක් හම්බුනා ඒ ගමන්ම. මම ව්‍යාපෘතිය ගැන විස්තරයක් ඉදිරියේදී පොස්ට් එකකින් ඔයාලට කියන්නම්කෝ...

අපේ පාසලේ වාර්ශිකව පැවැත්වෙන රංග ගීතා ප්‍රසංගය මේ මාසෙ හත්වෙනිදා පැවැත්වෙනවා පාසල් ශ්‍රවණාගාරයේදී . ඒ  වැඩ වලටත් සහභාගී වෙනවා මේ දවස් වල. අපේ පාසලේ කලාවේ, ඉතිහාසය සහ වර්තමානය කියන දෙකම මේ ප්‍රසංගයේදී කරලිය මතට එන කිව්වොත් තමයි හරි. කලා ක්ෂේත්‍රයට අපේ පාසලෙන් දායාද වුණ ප්‍රවීණයන්, ආදී සිසුන් වගේම , වර්තමාන සිසු පරපුරත් එදාට වේදිකාව මත තමන්ගෙ දස්කම් පෙන්වාවි 
ආරාධනා කරනවා හැමෝටම...
පුලුවන්නම් ඇවිත් අපේ රැඟුම් වැයුම් රස විඳලා යන්න කියලා.

එහෙනම් මම අදට මෙතනින් නවතිනවා. ආහ්! අර කෝච්චි සවාරිය ගැනත් පෝස්ට් එකක් දාන්න තියෙනවනේ.
ඒකත් ඉක්මනටම දාන්නම්. 
හැමෝටම බුදු සරණයි! 

4 comments:

  1. happy birthday ayyaaa...cake eka nan hodai...godak kattiya hitiya nisa poddai kewe..mama week end eke ennan loku cake kallak kallak kala tanna hodeeee

    ReplyDelete
  2. මට සුභ පැතුම් දුන්න හැමෝටම ස්තූතියි!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...