Friday, September 2, 2011

තොප්පිය වැටෙන වික්‍රමය ,Hat Tricks.


පහුගිය දවසක ලසිත් මාලිංග තමන්ගේ තුන්වෙනි hat trick එකත් ගත්ත නිසා කට්ටිය සෑහෙන්න උනන්දුවෙන් ඒ ගැන කතා කරනවා මේ දවස් වල. තුන් පාරක් එක් දින ජාත්‍යන්තර තරඟ වලදී මේ දස්කම දක්වපු ලෝකයේ එකම ක්‍රීඩකයා තමයි මාලිංග.
මට මේ එක පිට පන්දු තුනක විකට් තුනක් ගන්න දක්ෂතාවයට කියන නම හැදුන හැටි ගැන ගොඩක් කාලෙකට කලින් අහපු කතාවක් මතක් වුණා.
ඉස්සර කාලෙ මේ දක්ෂතාවය පෙන්නුව ක්‍රීඩකයන්ට තොප්පියක්( හැට් එකක්) තෑගි විදියට ප්‍රදානය කරන සිරිතක් තිබුනාලු. හැට් එක ගන්න දාපු ට්‍රික් එක නිසා HAT TRICK වුණා කියල තමයි මම අහල තිබුනේ. මට ඉතින් නිකමට හිතුණා මේ කතාවේ ඇත්ත නැත්ත හොයල බලන්න.බැලින්නම් කතාව ඇත්ත තමයි . විකිපීඩියා උන්නැහේ කියන විදියට මේකයි වෙලා තියෙන්නෙ,
 1858 වසරේදී මේ දක්ෂතාවය දක්වපු HH Stephenson කියන ක්‍රීඩකයාට හැට් එකක් තෑගි විදියට දීලා තියෙනවා. එතනින් තමයි මේ නම හැදිලා තියෙනවා කියන්නෙ..

මුලින්ම ක්‍රිකට් වලට භාවිත වුණා මේ වචනය පස්සෙ කාලෙකදී පාපන්දු , හොකී වගේ ක්‍රීඩා වලටත් අනුවර්තනය කරගෙන තියෙනවා.
cricinfo පැත්තේ රවුමක් ගිහින්  හොයා ගත්තා තව විස්තර ටිකක්.

ටෙස්ට් තරඟ වල hat trick ලිස්ට් එක බලන්න පුලුවන් මේ ලින්කුවෙන්

ටෙස්ට් තරඟයක පළමු hat trick එක ලබාගෙන තියෙන්නෙ Fred Spofforth  කියන ඕස්ට්‍රේලියානු   ක්‍රීඩකයා එංගලන්ත පිලට එරෙහිව 1879 වසරේදී.
මේ අතරේ කැපී පෙනෙන සිදු වීම් තමයි ,
  • 1912 වසරේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Jimmy Matthews දකුණු අප්‍රිකාවට එරෙහිව එකම තරඟයක ඉනිම දෙකේදී hat trick දෙකක් ලබා ගැනීම.
  • 1988 වසරේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Merv Hughes වෙනස් පන්දු වාර තුනක් පුරා විසිරුන hat trick  එකක් වාර්තා කිරීම.

කොදෙව් පළමු ඉනිමේ Merv Hughes යවන එක පන්දු වාරයක අවසාන පන්දුවේදී Curtly Ambrose  දවා ගන්නවා.
ඔහු යවන ඊළඟ පන්දු වාරයේ පළමු පන්දුවෙන් Patrick Patterson දැවී යනවා. ඒ කොදෙව්වන්ගේ ඉනිමේ අවසාන කඩුල්ල.
නැවත දෙවන ඉනිමේ ඔහු යවන පළමු පන්දු වාරයේ පළමු පන්දුවෙන් Gordon Greenidge  දැවී යනවා.
එහෙම තමයි එක hat trick සම්පුර්ණ වෙලා තියෙන්නෙ. මේ උඩ පින්තුරේ ඉන්නේ Merv Hughes.  


එක්දින ජාත්‍යන්තර තරඟ වල hat trick ලිස්ට් එක බලන්න පුලුවන් මේ ලින්කුවෙන්

මේ hat trick අතරේ මාලිංග 2007 වසරේ ගත්ත hat trick එක විශේෂයි. පිට පිට පන්දු හතරකදී කඩුලු හතරක් ලබා ගැනීම තමයි ඒ විශේෂත්වය
දකුණු අප්‍රිකානු පිලේ  Shaun Pollock, Andrew Hall, Jacques Kallis සහ Makhaya Ntini තමා දැවී ගිය ක්‍රීඩකයන්
මේ දස්කම double hat trick එකක් ලෙසත් සැලකෙනවා. හේතුව මේ පන්දු හතරෙන්  පළමු පන්දු තුන වෙනම ගත්තත් පළමු පන්දුව හැර ඉතිරි පන්දු තුන වෙනම ගත්තත් ලෙස සලකන්න පුළුවන් වීම.
චමින්ද වාස් 2003 ලෝක කුසලානයේදී බංගලාදේශ පිලට එරෙහිව තරඟයේ මුල්ම පන්දු තුනෙන් කඩුලු තුනක් ලබා ගත්තා. මෙවැනි දස්කමක් දක්වපු එකම ක්‍රීඩකයා  වෙන්නේ චමින්ද වාස් . ඔහු යැවූ තරඟයේ පළමු පන්දු වාරය අවසානයේ ලකුණු සටහන කියවුනේ ලකුණු පහට කඩුලු හතරක් වශයෙන්.

විස්සයි විස්ස තරඟ වල තවමත් hat trick තුනයි වාර්තා වෙලා තියෙන්නෙ

ඒ ගැන විස්තර මේ ලින්කුවෙන් බල ගන්න පුළුවන් 


2 comments:

  1. ඔයා නම් ක්‍රිකට් පිස්සෙක් හලෝ,හැබය් ඔයා හොඳ විස්තරයක් දාල හොඳ වැඩක් කරලා තියෙන එක අගේ කරන්න ඕන.

    ReplyDelete
  2. හී හී.....
    ක්‍රිකට් කියන්නේ මට තියෙන එක පිස්සුවක් විතරයි
    ඉස්සරහට බලමුකෝ මට තියෙන අනිත් පිස්සු මොනාද කියලා :D
    වෙලාවක් තිබුනොත් ආපහු ක්‍රිකට් ගැන ලිපියක් දාන්නම්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...