Monday, September 5, 2011

යාත්‍රාවේ අපේ අයිටම් එක


මතකද මං අපේ යාත්‍රා ප්‍රසංගය ගැන පහුගිය දවස් වල ලොකු පුරාජේරුවක් ඔයාලා ඉස්සරහ දිග ඇරිය හැටි?
ඒ පෝස්ට් දෙක නොබලපු අය ඉන්නවා නම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්.


දවසක් අපේ තරිඳු සහෝදරයා එහෙමත් නැත්නම් අපි හැමෝම කියන විදියට චූටි කතා කරලා කිව්වා "යාත්‍රා එකට අපේ batch එකෙන් item එකක් කරනවා, වරෙන්" කියලා. ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවේ කිව්වලු. මමත් “හරි මචන් අනිවා එන්නම්” කියලා ඒ වෙලාවෙම වැඩේට සෙට් වුණා. බොරු කියන්නේ මොකටද..
මල්ලිලා නංගිලා යාත්‍රා එකට පුහුණු වෙද්දි මෙදා පාර යාත්‍රා එකට සහභාගී වෙන්න බැරි වෙයි කියන සිතිවිල්ල ඇති වෙලා තිබුනේ. ඇත්තටම හිතට දුකක් දැනුණා මේ වගේ දේකට දායක වෙන්න බැරි වෙයි කියන බය නිසාමද කොහෙද. කොහොමත් ඉතින් පොඩි කාලේ ඉඳන් ඇඟේ තියෙන සංගීත උණේ හැටියට එහෙම දුක හිතෙන එක ගැන පුදුම වෙන්න දේකුත් නෑ බලාගෙන ගියාම. ඉතින් චූටිගේ මේ කතාවත් එක්ක ඒ දුක හිතෙන් පහ වෙලා ගියා,
හරියට ඉරු එලිය දැක්කම අතුරුදහන් වෙන පිනි බින්දු වගේ.

 හැබැයි මෙතන වුනේ කළුවා මාරපන ගියා වගේ වැඩක් කිව්වොත් තමයි හරි. ලොක්කා වගේ එන්නම් කිව්වට කරන්න යන්නෙ මොකක්ද කින්ද මන්ද මෙලෝ දෙයක් දන්නෙ නෑ.. පස්සෙ  FB චැට් එකේ සෙට් වුණ වෙලාවක අහගත්තා මොකක්ද කරන්න යන්නෙ කියලා. නිමල් මෙන්ඩිස් කලාකරුවාණන් නිර්මාණය කරපු ගීත කීපයක් එකතු කරපු මෙඩ්ලි එකක් තමයි කරන්න යන item එක. ඒක ඇහුවම සන්තෝසේ තවත් වැඩි වුණා.
එකක් ඒ ගීත සියල්ලම වගේ මගේ සිත් ගත්ත ගීත අතරේ තිබීම. අනිත් කාරණේ තමයි මේක මට අලුත්ම ආකාරයේ අත් දැකීමක් වීම. harmony කියන ශිල්ප ක්‍රමය භාවිත කරලා කණ්ඩායම් වශයෙන් ගීත ගායනා කිරීම මට මීට කලින් අත්විඳින්න ලැබුන දෙයක් නෙමෙයි. මම ස්කොලේ යන කාලේ ඉඳන්ම හරිම ආසාවෙන් හිටියේ කවද හරි ඒ වගේ අංගයකට දායක වෙන්න. ඒ නිසාම මේකට සහභාගී වෙන්න තිබුන ආසාව තවත් වැඩි වුණා.

මේකට අපේ level 4 එකේ අය ගොඩක් එකතු වුණා. ඒ අතරේ ට්‍රේනින් ගිහින් හිටපු level 3 එකේ අයත් ආවා කොච්චර busy වුනත්. අපිට කලින් අවුරුද්දේ, කැම්පස් එකෙන් දැන් අවුට් වෙලා ඉන්න අයියලත් වැඩේට හවුල් වුණා.නම් වශයෙන් කියන්න ගියොත් එහෙම අද කියල ඉවර කරන්න බැරි වෙනවා. ඒ නිසා ඔන්න තරහ වෙන්න එපා කව්රුවත්ම......
ඉතින් අපි කෙතරම් වැඩ කටයුතු තිබුනත්  පුළුවන් විදියට සෙට් වෙලා සින්දු ටික ගොඩ දාගත්ත. යාත්‍රා තිබුන දවසට කලින් දවසෙත් මේ විදියට අපි සෙට් වුණා ප්‍රැක්ටිස් කරන්න. ඒ වෙලාවේ තමයි වැඩේ  තේරුනේ, එන පොට හොඳ නෑ කියලා . ඇඟට හරිම අමාරුයි. ඔලුවත් රිදෙනවා . උණ බට ලෝඩ් එකක් බාන්න වෙනවා කියලා තමා අවසාන නිගමනය.
දැන් ඉතින් උණ කියලා සින්දු නොකියා ඉන්නද?
හෙට ෂෝ එක. පැනඩෝල් දෙකක් ගහල හොඳට නිදාගත්ත. ඊළඟ දවසේ ඇහැරෙනකොටත් වැඩි හොඳක් නැහැ. ඒත් කෝම හරි ෂෝ එකට කලින් දවස පුරාම තේ බීලා, හැක්ස් ටොපි කාලා valmelix බීලා උගුර ශේප් කරගෙන(පොඩි ඇඩ් එකක් දැම්මා , ගණන් ගන්න එපා හොඳේ.... කීයක් හරි හම්බ කරගන්නත් එපැයි :D) අපේ අයිටම් එකට හිටියා.

අපේ අයිටම් එක ඉවර වුනාට පස්සේ ෂෝ එකේ ඉතුරු අයිටම් ටිකත් බලාගෙන හිටියා දිගටම. ඔහොම ඉන්නකොට තමයි රෝහණ වීරසිංහයන්ගේ කතාව ආරම්භ වුනේ. එතුමා කියපු විදියට ෂෝ එකේ එතුමාගේ වැඩියෙන්ම සිත් ගත්ත අංගය වුනේ අපේ අයිටම් එක. මේක ඇහුව විතරයි සන්තෝසේ වැඩි කමට උණ සනීප වුණා මගේ...  :D
ඇත්තටම කිව්වොත් එතුමා වගේ ප්‍රවීනයෙකුගෙන් ඒ වගේ කමෙන්ට් එකක් අහන්න ලැබීම කොයි තරම් වාසනාවක්ද...........

එහෙනම් ඔන්න අද ඔයාලටත් අහල බලන්න පුළුවන් අපේ අයිටම් එක. මේක යු ටියුබ් දාලා තිබුනේ අපේ චානක සහෝදරයා. 
පටිගත කිරීමේදී ඇති වුන තාක්ෂණික දෝෂ නිසා මේකේ sound quality එක නම් අඩුයි තමයි. ඒත් ඔයාලට රස විඳීමට බාධාවක් වෙන එකක් නැහැ කියලා හිතනවා.


මේ අයිටම් එක සාර්ථක කරගන්න එකා වගේ මහන්සි වුණ හැමදෙනාම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. 
එහෙනම්  අදට මේ ඇති වගේ.
ගිහින් එන්නම්....
බුදු සරණයි!



4 comments:

Related Posts Plugin for WordPress, Blogger...