Monday, April 11, 2011

Local X Files......

ආයුබෝවන් ළමායි.....
X files බලල තියෙන අය අත උස්සන්න බලන්න......



මං හිතන්නේ මං සුපුරුදු පරිදි ගොන් ප්‍රශ්නයක් ඇහුවේ. 
"generation y" එකට අයිති අපි වගේ අය අතරේ ඕක නොබලපු කෙනෙක් නැතිව ඇති නේද?
දැන් ඉතින් මේ "generation y" කියන එක අහල උඩ බිම බලන්න ඕනේ නැහැ.
"generation y" කියන්නේ 1980 ගණන් වලින් පස්සේ ඉපදුන අය කියල මමත් දැනගත්තේ ලඟදි virtusa එකේ introductory session එකකට සහභාගී වුන වෙලාවේ.
මේ දවස් වල careers day, job interviews එහෙම තියෙන නිසා ලොකු ලොකු කොම්පැනි එක්ක තමයි ගනු දෙනු.
අවරුදු ගානකට හරි යන්න කඩ්ඩෙන් කතා කරා පහු ගිය දවස් ටිකට.

අපි උසස් පෙළ කරන කාලේ තමයි X files වල අන්තිම season එක tv එකේ ගියේ. අපි ඉතින් නොවරදවාම ඕක බලනවා. ස්කොලේ කස්ටිය සෙට් වුනාම කතා බහ කරන most popular topic එකක් තමයි X files.
ඔය අස්සේ අපේ සුපුන් උස්සගෙන ආව game එක. අප්පා... 
CD 7i game එකට . 
කාට හරි game එක මැෂින් එකට install කරන්න ඕන වුනාම විල් බැරක්කයක් හරි ලොරි බාගයක් හරි සෙට් කරගෙන යනවා සුපුන් හම්බ වෙන්න. ගිහින් CD ටික පටවාගෙන ඇවිත් දෙයියනේ කියල දාගන්නවා මැෂින් එකට. 
ඉතින් අපිට(ගොඩයන්ට)  නම් ඕව ඒ කාලේ මැජික්  වගේ.

X files බලපු අය ඇහුවම හැමෝම අත උස්සපු නිසා මං අමුතුවෙන් ඒකේ කතාව කියන්න යන්න ඕනේ නෑ නේද?
ඒ නිසා මං අද කියන්න හදන්නේ X Files Local Version එකක්.

මේක සිද්ධ වුනේ මං උසස් පෙළ පන්තියේ ඉද්දි. මං හිටියේ අපේ ස්කොලේ තිබුන science mix class එකේ. bio maths දෙගොල්ලොම පුදුම සහජීවනයකින් මේ පන්තියෙ ඉගෙන ගත්තේ.
දවසක් ඔන්න මං උදේ පාන්දරින් ලක ලෑස්ති වෙලා ස්කොලේ යන්න පිටත් වුණා. ස්කෝලෙට ගිහින් පන්තිය ඇතුලට ගියාම කට්ටිය පණ දාගෙන වැඩ. මමත් ඉතින් නිකන් ඉන්න බැරි කමට ටිකක් විපරම් කරලා බැලුවා. හත් වලාමයි.
chemistry වලට නයිට්‍රජන් චක්‍රයක් ඇඳන් එන්න කියල කිව්ව බව මතක් වුනේ අනිත් අය අඳිනවා දැක්කම.
ස්කොලේ පටන් ගන්න මහා ලොකු වෙලාවකුත් නැති නිසා පටස් ගාලා ගිහින් වාඩි වුණා ඇඳ ඇඳ හිටපු කොල්ලෙකුගෙ එහා පුටුවේ. මිනිහ‍ගෙ පොත බලාගෙන මමත් අඳින්න පටන් ගත්තා.
ඔය අතරේ අපේ පන්තියේම ගෑණු ළමයෙක් ඇවිත් මගේ එහා පැත්තෙ යාලුවට කතා කරා.
මට ඉතින් ඔය අනුන්ගේ කතා වලට සවන් දීල පුරුද්දක් ඇත්තෙම නෑනේ.
ඒත් ඉතින් මට එහෙම පුරුද්දක් නැති වුනාට මගේ කන් දෙකට නම් අනුන්ගෙ කතා අහන් ඉන්න වැඩේ හොඳට පුරුදුයි. ඔන්න මගේ කන් දෙකට ඇහුන විදියටම ඔයාලට කතාව කියන්නම්කො.

මේ ගෑණු  ළමය ඇවිත් මගේ එහා පැත්තෙ හිටපු කොල්ලට මෙහෙම කිව්වා.
"අනේ ඩියර් ...
ඔයා ඊයේ මට දීපු ශුක්රානුව මගේ අතින් නැති වුනානේ. very sorry හොඳේ...."

ඒ පාර අපේ යාළුවා ඉඳන් කියනවා.....
"අනේ ඒකට කමක් නෑ..." කියලා.
මම නිකන් කරකවල අත ඇරිය වගේ මේ කතාව අහල.
ඒ නිසාමද කොහෙදෝ මට අපේ පන්තියේ අනිත් එවුන් එක්ක මේ කතාව කියවුනානේ ඉබේම වගේ....
තූ නොදකින් මගේ කට. හෙන ගහන්න ඕනේ.

ඒ අස්සේ මගේ කතාව අහල අනිත් එවුන් ටික අර කොල්ලට නමක් දැම්මනේ. පව් අසරණයා....
හිතාගන්න පුලුවන්ද නම මොකක්ද කියලා?
නම තමයි..........
මෝල්ඩර්

දැන් ඉතින් මගෙන් අහන්න එපා ඇයි කියල ඒ නම දැම්මේ.
හේතුව මතක් වෙන්නෙම නෑ වගේනම් ළඟ පාත ඉන්න කාගෙන් හරි අහල බලන්නකෝ....

ප.ලි. ඇත්තටම කිව්වොත් අර දෙන්නා ශුක්රාණුව කියලා තියෙන්නේ bio වලට අඳින්න දීපු diagram එකක් ගැනලු.
හික්! හික්!




8 comments:

  1. හිට්ලර්ගේ රෙදිත් නැත. (ඔන්න මමත් නම කිවුවේ නෑ.)

    ReplyDelete
  2. Hmmm samahara dewal walata api hithuwatath wada diga ithihasayak thienawa wage! ;-)

    ReplyDelete
  3. "අනේ ඩියර් ...
    ඔයා ඊයේ මට දීපු ශුක්රානුව මගේ අතින් නැති වුනානේ. very sorry හොඳේ...."

    LOL
    ඇයි එයා තනි තනි ඒවා දෙන්නෙ. මිලියනයක් විතර එකපාර දුන්නනම් නැතිවෙන්නෙ නෑනේ.

    ReplyDelete
  4. හිට්ලර්නේ, ඔන අපි දන්නේ නෑ ඒ කව්ද කියලා...................:p
    "ලොකු ලොකු කොම්පැනි එක්ක තමයි ගනු දෙනු." දැන් Vertusa කියන්නේ එච්ච්‍රට ලොකු 1ක් ද??

    ReplyDelete
  5. අපොයි ඔව්!
    හරිම ලොකුයි...
    පට්ට ලොකුයි...
    ලොකුම ලොකුයි...

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. Machn,, i still miss those 7 CDs

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...