Monday, March 14, 2011

නින්දෙයි සැප නින්දෙයි වෙනස! Part 2

කලින් පෝස්ට් එකේදී මං පොරොන්දු වුනානෙ නිදාගන්න කප් ගහපු කීප දෙනෙක් ගැන කතා ටිකක් කියනවා කියල. අන්න ඒ පොරොන්දුව ඉටු කරන්නයි මේ හදන්නෙ..ඒ පෝස්ට් එක මතක නැති, කියවපු නැති අය ඉන්නව නම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්. 

මුලින්ම මට වුන දෙයක් කියන්න හිතුවා.
හැමදාම අනුන්ට මඩ ගහන එකත් හොඳ නැහැනෙ නේද? ඒ නිසා මම ඔන්න මටම මඩක් ගහ ගන්නයි හදන්නේ.... 

දවසක් මීගමුව පැත්තෙ අපේ යාළුවෙක්ගෙ ගෙදර මල ගෙයක් වෙලා අපි බෝඩිමේ කස්ටිය ගියා නයිටක් ගහන්න. මල ගෙවල් වල ගියාම ඉතින් නිකන් ඉන්නත් බෑනේ. වැඩක් සෙට් වුනොත් කරලා දෙන්න එපැයි. කොහොම හරි අපි කට්ටිය සෙට් වුණා පෝස්ටර් අලවන්න යන්න. රෑ 12 ට විතර ඇති මං හිතන්නේ.ඒ පැත්තේම ඉන්න අපේ campus එකේ යාලුවෙක්ගෙ van එකේ තමයි යන්න සෙට් වුනේ. මං මුලින්ම ගිහින් van එකේ පිටිපස්සෙම seat එකේ වාඩි වුණා. අනිත් අයත් පාප්ප බාල්දි පෝස්ටර් එහෙම අරගෙන නැග්ග වාහනේට. drive කරපු බුවා ඉඳන් මට කිව්වා "මචං පොඩ්ඩක් පිටිපස්ස බලපන් රිවස් කරන්න" කියලා.
මමත් ඉතින් පිටිපස්ස බලල රිවස් එකට සප් එක දුන්න. මං ඊට පස්සේ ආපහු ඉස්සරහ හැරිල බලනකොට අරුන් සේරම ටික van එකෙන් බිමට බැහැල පාප්ප බාල්දියත් අතේ තියන් ඉන්නවා. වටපිට බැලුවමයි වැඩේ තේරුනේ. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.

මට van එක රිවස් කරන අතරේ නින්ද ගිහින්. අනිත් උන් ටික මං පිටිපස්සේ seat එක උඩ ගොරව ගොරව නිදාගන්න අතරේ van එකෙන් හතර වටේම ගිහින් පෝස්ටර් අලවල. මට ඇහැරිලා තියෙන්නේ වැඩේ ඉවර වෙලා ආපහු මල ගෙදරට ආවට පස්සේ. එක තැනකදී සොහොනක් ගාව මාවත් එක්කම van එක නවත්තල මුන් සේරම මං ඉද්දි poster අලවන්න ගිහින් ඇවිත් තියෙනව. අනේ හොඳ වෙලාවට ඒ වෙලේ ඇහැරුනේ නැත්තේ.
එහෙම වුණා නම් ඉතින් මාව දැකල සොහොන ගාව හිටපු හොල්මන් ටික බය වෙන්න ඉඩ තිබුනනේ. :D
___________________________________________________________
අපේ යාලුවෙක් දවසක්දා තමන්ගේ දින චර්යාව අවසන් කරලා ගෙදර හැමෝටම good night කියල නින්දට ගියාලු. ඉතින් මේ යාළුවා සුබ සිහින දකිමින් නිදා ගෙන ඉන්න අතරේ ගෙදරට හොරෙක් පැන්නලු. හොරා පැනලා අපේ යාළුවගේ තාත්තාගේ බයිසිකලේ අරන් යන්න සෙට් වෙනකොටම uncle ට ඇහැරිලා සද්දෙට. ඉතින් uncle හොරා අල්ල ගන්න කියල එනකොට හොරා බයිසිකලෙත් ගෙදරින් එලියට අරගෙන පැනලා ගියාලු.
uncle හොරාගේ පස්සෙන් කෑ ගහ ගහ දුවල තියෙනවා කොහොම හරි.  මට නම් දැනුත් මැවිලා පේනවා සීන් එක.

හොරා බයිසිකලේ නැගල පදිනවා. uncle උගේ පස්සේ දුවනවා. අන්තිමට uncle හොරාව overtake කරන් ගිහින් හොරාගේ පැත්තට හැරිලා බයිසිකලේ handle එකෙන් අල්ලලා උස්සනවා. හොරා බිම. එතකොටම පොලිස් ජීප් එකක් එතනට ඇවිත් නවත්තනවා. පොලිසියේ මහත්තුරු දෙන්නෙක් බැහැලා ඇවිත් හොරාට දෙකක් තුනක් ඇනලා මාංචු දාලා...

හෝව් හෝව්..... 
මේක රැජිනි කාන්ත් ගේ ෆිල්ම් එකක් නෙමෙයිනේ. එහෙනම් කොහොමද මේ වගේ දේවල් වෙන්නේ?
හොරා පැනල යන්න ඇති sure එකටම.  

ඔව් ඔව් ඒක තමයි වෙලා තියෙන්නේ. හොරා බයිසිකලෙත් අරන් පැනල ගිහින්.

මේ සද්දේ ඇහිලා අල්ලපු ගෙදර uncle ටත් ඇහැරිලා, ඇවිත් තියෙනවා මොකද වුනේ කියල බලන්න. හැබැයි නියම වැඩේ කියන්නේ මෙච්චර දෙයක් වෙලත් අපේ බුවාට මේ කිසිම දෙකට ඇහැරුනේ නැති එකයි. මිනිහ ගෙදරට හොරු පැනපු එක දන්නේ පහුවදා උදේ  අවදි වුනාමලු. මෙවන් පුතුන් රටටම ආඩම්බරයක් කියලයි මට නම් හිතෙන්නේ. හික්ස්!
______________________________________________________________
තවත් ඒ වගේම පුත්‍ර රත්නයක් ගැන තමයි මේ කතාවත්. මේ යාළුව දවසක් නිදාගෙන ඉද්දි කාමරේ fan එක කඩන් වැටිලා තියෙනව ඇඳෙන් අඩි තුනක් විතර එහාට. එත් ඉතින් අපේ යාලුවට නෙමෙයි  ඇහැරුනේ.
ආහ්! නෑ නෑ 
ඇහැරිලා තියෙනව.
fan එක වැටුණු සද්දෙට නම් නෙමෙයි.
වැඩේ වෙලා ටික වෙලාවකට පස්සේ.
fan එක වැඩ කරන්නේ නැති නිසා රස්නේ වැඩි වෙලා දාඩිය දාපු පාර තමයි ඇහැරිලා තියෙන්නේ. 
__________________________________________________________________
එහෙනම් ඔන්න වෙච්ච පොරොන්දුව මං ඉටු කරා,
මං කතාව අදට මෙතනින් නවත්තන්නයි සූදානම.  මං හිතනවා මගේ කතා සෙට් එක ඔයාල රස විඳින්න ඇති කියලා. දෙයක් කියන්න ඕනේ. ලියන්න කියලා මහා ලොකු හැකියාවක් නැති වුනත් ආසාව තියෙන නිසයි ලියන්න ගත්තේ. ඔයාලගේ comments දැක්කම page views ගාන වැඩි වෙලා තියෙනවා දැක්කම ආසා හිතෙනවා තව තවත් ලියන්න. ළඟදීම දවසක ආපහු මේ වගේ පෝස්ට් එකක් අරගෙන ඔයාල හම්බවෙන්න එන්නම්. එතකං හැමදෙනාටම ආයුබෝවන් !

7 comments:

  1. asanka aiya ice kiyanne nikanya!

    ReplyDelete
  2. Asanka issara class waladi paththara wala tibba kata kiyala apiwa hinassanna try karapu widiya matak wenakota ada me wage tanakata apu 1 gana mata hari adambarai.. lol.. Onna Blog 1ta nam paththare kata danna epaaaa...

    ReplyDelete
  3. @Asanka බයිසිකල් හොරු ගැන නම් ඉතින් කවර කථාද?

    @Anonymous සිරාවටම!

    ReplyDelete
  4. @Nisansa:කව්ද බං "Anonymous" කියන්නෙ?
    මට හොඳටම ෂුවර් "Anonymous" කියලා නමක් තිබ්බ කොල්ලෙක් අපි එක්ක class ආවෙ නෑ කියල.
    හික් හික්!

    @Anonymous:අව්ලක් නෑ බං. දැං පත්තර වල කතා දාන්න ඕනෙ නෑ.
    උඹල කරපු වැඩ ටික දැම්මම ඇති.

    ReplyDelete
  5. berida names ekkama oyage katha tika liyanna?

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. @Buddhima: නම් එක්ක ලිව්වොත් මට පාරෙ බැහැලා යන්න බැරි වෙයිද දන්නෙ නෑ..
    හික්ස්!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...