Saturday, March 12, 2011

නින්දෙයි සැප නින්දෙයි වෙනස!

ඉතින් කොහොමද යාලුවනේ? 
යන්තම් විභාගෙ පළමු අදියර ඉවරයි. ඒ නිසා පොඩි නිවාඩුවක් හම්බුනා බ්ලොග් එක පැත්තේ එන්න. මෙතෙක් දවස් මං දාපු පොස්ට් ටික අමාරුවෙන් හරි කියවපු සේරටම තෑන්ක් යූ වෙන්න ඕනේ...
හරි එහෙනම්, වැඩිය ඕනෙ නැහැ. අපි කෙලින්ම කතාවට බහිමුකො. අද මං ඔයාල එක්ක කතා කරන්න යන්නේ නින්ද ගැන.

නින්ද කියන්නෙ අපේ ජීවිතේට අනිවාර්ය දෙයක්නේ. ඒක තමයි වෛද්‍ය මතය. අපේ වයස අනුව දවසට නිදාගන්න ඕන කරන පැය ගාන සඳහන් වුන table එකක් ස්කොලෙ කාලෙ විභාගෙ ලං වුනාම පාඩම් කරා මතකයි .
ඇත්තටම බැලුවොත් මිනිස්සු වෛද්‍ය උපදෙස් වලින් හරියටම(ඕනෑවටත්  වඩා) පිලිපදින  එකම දේ නිදා ගන්න එක වෙන්න ඇති මං හිතන්නෙ. දවසට දෙපාරක් දත් නොමැද්දත්, වතුර අවශ්‍ය ප්‍රමාණයට නොබිව්වත් නිදා ගන්න එක හරියටම කරනවනෙ. ඕක සක් සුදක් සේ පැහැදිලි වුනේ A/L කරපු කාලෙ සිට අද දවස වෙනකන් tuition class වල සහ lectures වල අපේ  කස්ටිය නිදා ගන්න හැටි දැකල තමයි. බොරු කියන්නෙ මොකටද ඉතින්? මටත් හොඳ තරඟයක් දෙන්න බැරි කමක් නෑ. හී හී....

මං අහල තියෙනවා ඩොල්ෆින්ලා නිදා ගන්නෙ එක ඇහැක් ඇරගෙන කියලා. උන්ගේ මොලේ එක පැත්තයි කියනවනෙ එක පාරකට නිදා ගන්නේ. එත් ඉතින් අපේ කස්ටිය ඊටත් වඩා හපන්. උන් නිදාගන්නේ ඇස් දෙකම ඇරගෙන. ඒ අස්සේ notes පවා ලියනවා. නැත්නම් ඉතින් සර් ට මාට්ටු වුනොත් මේක හීනයක් වුනා නම් හොඳයි කියල හිතෙන විදියට නෝන්ඩි වෙන්න වෙනවනේ .

එක පාරක් අපේ සර් කෙනෙක් tuition class එක කරද්දී අල්ලපු ගෙදරට ගල් load එකක් ගෙනත් බාන්න පටන් අරගෙන. සද්දෙ ඇහෙනවලු පන්තියට හරියට නිකන් කොල්ලොන්ගෙ කන උඩට ගල් බානවා වගේ. ඉතින් ඔය සද්දෙත් එක්ක උගන්නන්න බැරි නිසා සර් බලන් ඉන්නවලු සද්දෙ නවතිනකන්  . ඒ අතරේ සර් හීන් හිනාවක් දාල මෙහෙම කිව්වලු.
"මාර වැඩේ නේද? ඔයාලට නිදා ගන්නත් නෑනේ මේ සද්දෙ එක්ක" ශිෂ්‍ය  ප්‍රජාවට පොලව පලාගෙන යන්න හිතෙන්න ඇති මං හිතන්නෙ ඔය කතාව අහලා.

ඉස්සර අපේ ගෙදර වත්ත සුද්ද කරන්න එහෙම එන මනුස්සයෙක් හිටිය. ඒ මනුස්සය රස්සාවට කරේ night watchman කෙනෙක් විදියට වැඩ කරන එක. දවල්ට කුලී වැඩ කරනවා. ඒවා දැක්කම හිතෙනවා මිනිස්සු ජීවත් වෙන්න කොයි තරම් දුක් විඳිනවද කියලා. අපි කන කටු කටුද කියලා හිතෙනවා. 
දවසක් අපේ ගෙදර ඇවිත් වැඩ කරන ගමන් අපේ අයිය එක්ක චැට් එකකට සෙට් වෙලා. රෑට මුර කරන්න යන තැන ගැන දුක් ගැනවිල්ලක් කිව්වලු අපේ අයියට. 
"අනේ සර් බලන්නකෝ, එතන හරි හමන් ඇඳක් වත් නැහැනේ. රෑට නිදාගන්න විදියක් නෑ මදුරුවොත් කනවා net එකක් නැති නිසා ."
ඔය කතාව ඇහුවම මට මාර ප්‍රස්නයක් ආවා ,
මුර කිරීමයි නිදා ගැනිල්ලයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා.
ඔයාල දන්නවද?

මට මේ වෙලාවේ මතක් වෙනවා අර tv එකේ යන add එකක්. දේව දූතයෝ දෙන්නෙක් නිදා ගන්න try කරන සීන් එක. දේව දූතයොන්ට සැපට නිදා ගන්න එක එක ජාතියේ මෙට්ට  ඕන වුනාට අපිට නම් එහෙම නෑ. පුටුවක් වුනත් ඇති . නින්ද යන්නෙම නෑ වගේ නම් ඉතින් lecture note එකක් අතට අරගෙන පොඩ්ඩක් කියෙව්වම වැඩේ ගොඩ. ඒ වෙලාවට නිදි දෙව් දුව limousine එකක නැගල තමයි එන්නෙ . 

ඔය අතරේ ඉන්නවා මේ වැඩේට cup ගහපු අය.
එහෙම අය‍ට වුන සිද්ධි දෙක තුනක් තියෙනවා ඔයාලට කියන්න. ඊළඟ පොස්ට් එකෙන් ඔයාලට ඒ කතා ටික දැනගන්න ලැබේවි. ඒ නිසා දිගටම AUDiOnline එක්ක රැඳිලා ඉන්න කියල මං ඔයාලගෙන් ඉල්ලනවා.
පුළුවන් ඉක්මනටම මං ඒ පොස්ට් එකත් දාන්නම්. එතකං එහෙනම් ඔන්න අපි ගියා. ටටා බායි.......!!!   





14 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඔය ගල් බාන කේස් එක උනේ අසංකට නෑ කමින් අයියා වෙන සර් කෙනෙක්ගේ පන්තියෙදී නෙමෙයි නේ? අසංක ඒ පන්තියට ගියෙත් නෑනේ?

    ReplyDelete
  3. lectures වල නිදා ගන්න අපේ කට්ටියගෙ ලස්සන photo ටිකක් නම් තියෙනව මගේ ළඟ..

    ReplyDelete
  4. @Nisansa: ඔයාගෙ උත්තරේ බාගයක් හරි.
    @Harshani: හපොයි! මමත් ඉන්නවද ඒවගේ?

    ReplyDelete
  5. Lectures චල නිදා ගන්න එක ගැන කියනව නම්. අපිත් world famous dial තමයි හරිද....

    ReplyDelete
  6. @Chamilka නෑ නෑ! සර් මට පන්තියට එන්න එපා කිවුවා.

    ReplyDelete
  7. @Nisasnsa, @Asanka :තාම ඔයලගේ photo නැහැ. දවසක අරන් දෙන්නම්කො.. :D

    ReplyDelete
  8. චිත්‍රාල් සර්ගෙ class එකේ හැමදාම මුණ හෝදන්න යවන අපේ බුවා මතකයි නේද? මටත් එකම දවසක් පන්තිය මැද්දෙන් මුණ හෝදන්න යන්න වෙලා තියෙනවා. වැඩේ කියන්නේ එදා හවස මට කට්ටිය thank කරනවා. seen එක නිසා උන්ගේ නිදිමත නැති උනානේ.

    ReplyDelete
  9. @Kavinda: ඔව් ඔව් මට මතකයි. හැමදාම කවිරු හරි එකෙක් යවනවමයි ටැප් එක ගාවට. මම නම් කොහොම හරි බේරිල හිටියා.

    ReplyDelete
  10. @Harshani හා photo නැති නම් කමක් නෑ! (නෑ නෑ photo ගන්න කරදර වෙන්න එපා!!!!) :-P

    ReplyDelete
  11. @Harshani: අනේ ඔව්! කරදර වෙන්න එපා...
    :D

    ReplyDelete
  12. Dawalta kaala Chitral sirge class ekata gihilla wadi una vitharai nindei sepa nindei wenasa danenna gannawa matanam. =D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...