ඇත්තටම ඉතින් කවි ලියන එකත් ලේසි වැඩක් නෙමෙයි, විශේෂයෙන් හිටිවන කවි. එක පදයක් කීවට පස්සේ තව එකක් මතක් නොවුනොත් ඉතින් බඩුම තමා.
වාද බයිලා කියන එකත් ඔය වගේ වැඩක්නේ. එක පාරක් අපි කැම්පස් එකේ සෙට් එකක් ට්‍රිප් එකක් ගියපු වෙලාවක පැය එක හමාරක් විතර එක දිගට වාද බයිලා කියාගෙන ආවා. එදා කොහොම ඒවා කියවුනාද කියල තාම හිතාගන්නත් බෑ. ආයේ ඒ වගේ කියන්න හම්බෙලත් නෑ. වෙලාවක් හම්බුනත් කියන්න පුළුවන් වෙයිද කියල ෂුවර් එකකුත් නෑ.
වල් පල් දෙඩෙව්වා ඇති වගේ, කතාවට එමුකො. මේ කතාවත් කීවේ අපේ කළුපහන සර්.
ඔන්න එකමත් එක දවසක කවි කාරයෝ හතරදෙනෙක් ගමනක් යන ගමන් සුන්දර වෙල් යායක් දැකල අවට සිරි නරඹන්න නැවතුනාලු. කවි සිතිවිලි පහල වෙන්නත් ඉඩ තියෙනවනේ සිරි නරඹනකොට. වෙල්යාය අයිනෙන් පොඩි ඔය පාරක් වගේ එකකුත් ගලා බහිනවලු. ඔය හරහා තිබ්බ ඒ දණ්ඩකින් තරමක් මිටි මනුස්සයෙක් එගොඩ වෙන්න ගිහින් ඔයට වැටෙනවා මේ කවියෝ හතර දෙනා දැක්කලු.
මේක දැකපු පාර මුල්ම කවියා, පදයක් කියල කවියක් ගොතන්න පටන් ගත්තලු මෙහෙම
ඒ දණ්ඩෙන් යන කලටා
දෙවෙනි කවියා එලිසමයත් රැකලා මේ විදියට දෙවෙනි පදේ එකතු කරාලු
වැටුනේය ගඟටා
තුන්වෙනි කෙනා මෙහෙම තුන් වෙනි පදේ එකතු කරාලු
කොටා
හතර වෙනියට කියන්න දෙයක් දැන් ඉතින් ඉතුරු වෙලා නෑනේ
තුන් වෙනි පදෙන් කතාව කියල ඉවරයිනේ
ඉතින් මෙහෙම කියවුනාලු
හුටා
ඔන්න දැන් කවිය සම්පූර්ණයි
පල්ලෙහා දාලා තියෙනවා සම්පූර්ණ කවිය
ඒ දණ්ඩෙන් යන කලටා
වැටුනේය ගඟටා
කොටා
හුටා
ප.ලි.
මං කවි කියලා ලියන ඒවත් මේ වගේද මන්දා?
හික් හික්
he he.....hutaaaaaaaaaaaa
ReplyDeleteඅනේ බන් ඕක නෙවේ කවිය
ReplyDeleteඒ දණ්ඩෙන් කොටා
යනකලට ගාට ගාටා
වැටුණි ගඟටා
හුටා
ඒ විතරක්ද බන් එක කවි සම්මේලනයකදී හිටිවන කවි ගැන දේශනයක් කරපු දේශකයකු නෝන්ඩි කරන්න හිතපු ගැනු කෙනෙක් ඇහුවලු "ඔබතුමාට පුලුවන්ද එලි සමය රැකලා මේ දැන් කවියක් කියන්න" කියල. එතකොටම මිනිහා කිවලු මෙන්න මෙහෙම
අනේ
පනේ
තනේ
පෙනේ
කියල
හරි බන්.
Deleteමම මේක දැනට අවරුදු දහයකට විතර කලින් අහපු එකක්.
අනිත් එක එකම කතාව එක එක විදියට අහන්න ලැබෙන එක බොහොම සාමාන්‍යයි.
හි.. හි... මරු ඈ.මං නම් ඔක ඇහුවේ අද.
ReplyDeleteබලන්ටකෝ ඒකෙත් හැටි.... ජය වේවා ඔබට...
ReplyDeleteහරිම කවිය මේකයි
ReplyDeleteඒ දණ්ඩෙන් ගාට ගාටා
යනකලට කොටා
වැටුණි ගඟටා
හුටා