සෙරෙප්පු දෙක ආරක්ෂා කර ගැනීමය. පන්සල් දොරටුව ඉදිරිපිට පාවහන් ගලවා පන්සලට ඇතුළු වී බුදුන් වැඳ සැදැහැ සිතින් පිටවන අයට දැක ගත හැක්කේ තම සෙරෙප්පු යුගල අතුරුදහන් වී ඇති ආකාරයයි.
මෙයට විසඳුමක් ලෙස සෙරෙප්පු නොමැතිව පන්සල් යාම කල හැක. එහෙත් දඩාවතේ යන බල්ලන් පාරට තාර දැමීමේ කටයුතු වල නිරත වන බැවින් එසේ කිරීම දැන් අපහසු වී ඇත.
මෙයට සාර්ථක විකල්පයක් අපේ නිවසේ ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණි. ඉවත දමන දේවල් නැවත භාවිතයට ගන්නා පරිසර හිතකාමී විසඳුමක් ලෙස මෙය හැදින්වීමට පුළුවන. පහත පින්තූරයේ දැක්වෙන්නේ සෙරෙප්පු හොරුන්ට වැට බඳින සාර්ථක විසඳුමයි.

මේ විසඳුම අපේ ගෙදර පමණක් නොව තවත් අය විසින් පාවිච්චි කරන බව මට දැකගන්නට ලැබුණි.මේ එවන් අවස්ථාවක් ඡායරූපයට නැගුන ආකාරයයි.
කැම්පස් යන කාලෙත් තමන්ගෙ සෙරෙප්පු ජෝඩුව වෙනුවෙන් උඹ අභීතව සටන් වැදුන ආකාරය මට මතක් උනා සහෝ
ReplyDeleteඒ කාලේ ගැන නම් ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ බන්...
Deleteටැංකියට ගිහින් ආයේ එනකොට සෙරෙප්පු ජෝඩුව නැති බව දැකලා තියෙන සෙරෙප්පු වලින් ජාති දෙකක දෙකක් අරගෙන ඇවිල්ලා මාස ගානක් දාගෙන ගියපු හැටි මතක් වෙනවා
:D
කැම්පස් යන කාලෙ සෙරෙප්පු ජෝඩුවක් ගත්තම දෙකම එක විදියට තිබුනෙ උපරිම සතියයි. ඊට පස්සෙ එකක් දිගයි. එකක් කොටයි
ReplyDelete