Saturday, August 25, 2012

කොන්දොස්තර උතුමාණෙනි

දැන් විනාඩි පහලවක් විතර 
බස් එක නවත්තගෙන  හෝල්ට් එකේ
පටවනවා පටවනවා 
අපි "පොල් ගෙඩි" වගේද උඹට පේන්නේ 

කන් දෙක පැලෙන තරමට 
බැඳලා ස්පිකර් දෙකක් 
දානවා සින්දුවක්
මේක ලස්සනයි කියලද හිතන් ඉන්නේ

ඉස්සරහට යන්න කීවට 
බස් එකේ ඉඩ නෑ යන්න ඉස්සරහට
තද වෙලා බෑ ඉන්න 
ඩ්‍රයිවර්ට කියපන් "ඉස්සරහට යන්න" 

3 comments:

  1. එල කිරි ඈ.. එපා වෙනවා බස් වල යන්න.කොන්දා ගේම ඉල්ලනවනේ....

    ReplyDelete
  2. ආයෙමත් බ්ලොග් ලියමු බන් :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...