Saturday, August 4, 2012

කෝච්චියේ දවසක්

වෙලාව හයයි , තාම ඔෆිස් එකේ. 
හයයි හයට කෝච්චිය. දැන් ඉතින් කෝච්චිය අල්ලන්න නම් කකුල් දෙකට පින් දීගෙන දුවන්න වෙනවා ස්ටේෂන් එකටම.
පාරට දුවගෙන ඇවිත් බලනකොට කවින්ද ත්‍රි වීල් එකකට නගිනවා. මමත් ගිහින් ඒකෙම එල්ලුනා. ස්ටේෂමට ගිහින් බලද්දි කෝච්චිය පරක්කුයි. කෝච්චිය ආවා කියමුකෝ. ඒකත් සෙනග පිරිලා ඉන්න තැනක්වත් නෑ.  පානදුර හරියට වෙනකන් තෙරපි තෙරපි ඇවිත් සෙනග ටිකක් අඩු වෙනකොට ඇතුලට ආවත් සීට් එකක් හම්බෙන පාටක් තිබුනේ නෑ."බදාදා පෝය නිවාඩුව හින්ද වෙන්න ඇති මෙච්චර සෙනග". එහෙම හිතපු මම හිටගෙන ඇවිත්, ඉන්න බැරිම තැන ෆුට් බෝර්ඩ් එකේ වාඩි වෙලා ආවා කළුතර ඉඳන් අලුත්ගමට.  අලුත්ගමදී ඇතුලට ඇවිත් බලනකොට මෙන්න තියෙනවා හිස් සීට් එකක්. නිවන් ගියා වගේ දැනුන සතුටත් එක්ක මම ඒකෙ වාඩි වුනා විතරයි අපේ පෙට්ටියට ගොඩ වුනා අම්ම , තාත්තා දෙන්නෙකුයි පොඩි දුවකුයි. එයාලට වාඩි වෙන්න සීට් තිබුනේ නෑ. මම නැගිටලා එයාලට සීට් එක දීලා ආයෙත් හිටගෙන යන්න පටන් ගත්ත. තාත්ත දුවත් එක්ක සීට් එකේ වාඩි වුනා. අම්ම හිටගෙන. තව ටිකක් වෙලා යද්දී එහා සීට් එකේ හිටපු කොල්ලත් නැගිටලා යන්න ගියා. අම්මා ඒ සීට් එකේ වාඩි වුනා. සීට් එකක් නැතුව ඉද්දි , සීට් එක දීපු මම දිගටම හිටගෙන ඇවිත් අම්බලන්ගොඩින් බැහැල ගියා. 
හැමෝම කියන්නේ කෝච්චියේ හැමදාම ඔෆිස් යන උන්ට මනුස්ස කමක් නැහැ කියලා..
හ්ම්....

9 comments:

  1. ඒ වගේ වෙලාවට කතා කරලා සිට් එක ඉල්ලා ගන්න ඕනේ අය්යේ ..එතකොට නොන්ඩියේ නැගිටීවි

    ReplyDelete
  2. Do nt Worry machan. me lankawane. Matath me wage athdakim thiyanawa. kochchiye office yana godak aya marama athmarthakami minissu.

    ReplyDelete
    Replies
    1. මචන් මන් මෙතන කතා කරේ ඔෆිස් යන මිනිස්සු ගැන නෙමෙයි. දරුවොත් වඩාගෙන ගමනක් යන්න ආපු අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි ගැන
      ඔෆිස් යන එකා මම

      Delete
  3. මචං මට බස් එකේ දි ඕන තරම් ඔහොම ඒව වෙලා තියෙනවා. මොක ද ඉතිං කරන්නේ බං ඕවට...

    ReplyDelete
  4. මටත් ඔය වගේ දේවල් ඕන තරම් වෙනවා.

    ReplyDelete
  5. මම නම් කෝච්චියේ වැඩට යන්නේ නැති නිසා ඔය අත්දැකීම් නෑ..

    ReplyDelete
  6. කල හොඳ පස්සෙන් එළවනවනෙ.ඒ මිනිස්සුන්ට ඕක පුරුදු ඇති.නැත්තං ළමයා එක්ක අම්මා වාඩිවෙනවනෙ.එහෙම නැත්ත ගෑණු කෙනෙක් නිසා අම්මට සීට් එකක් අල්ලාගැනීමේ සම්භාවිතාව වැඩි බව එයාලා දන්න නිසා වෙන්නැති.

    ReplyDelete
  7. සමහර චාටර් උන් නිසා තමයි, හැමදාම කෝච්චියෙ යන ඔ‍ෆිස් සෙට් චාටර් කියල හන්වඩු ගැහෙන්නෙ...

    ReplyDelete
  8. ආයෙත් අහල. ඔය තරම් දේවල් වෙද්දි මන් කොහෙද බන් හිටියෙ? ලග හිටියනම් මන් ගේම ඉල්ලනවනෙ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...