Thursday, January 12, 2012

හොඳ සෞඛ්‍ය පුරුදු!


අදත් ඔන්න කියන්න යන්නෙ කළුපහන සර් පන්තියේදී අපි එක්ක කියපු කතාවක්. මුල්ම කතාව කියෙව්වේ නැති අය ඉන්නවා නම් මෙතනින් බලන්න පුළුවන් ඒකත් 

ඔන්න එකෝමත් එක කාලෙක පුංචි කොලු පැංචෙක් හිටියලු, අපි මෙයාට දාමුකෝ නමක්....
චාමර හොඳයි වගේ...
හරි!
ඔන්න දැන් චාමර හැමදාම වගේ පුරුදු විදියට ස්කොලෙ ගියාලු....
එදා සෞඛ්‍ය පීරියඩ් එකක් තිබුනලු..
සෞඛ්‍ය උගන්නන ටීචරුත් ඇවිල්ලා පාඩම පටන් ගත්තලු. එදා තිබ්බ පාඩම....
හොඳ සෞඛ්‍ය පුරුදු ගැන.(ගම්පෙරලිය හෙම නෙමෙයි හොඳද.....?)
ටීචර් දැන් ඔන්න හොඳ සෞඛ්‍ය පුරුදු සෙට් එකක් කියාගෙන යනවලු.

දවසට දෙපාරක් දත් මැදීම 
නියපොතු කොටට කපා පිරිසිඳුව තබා ගැනීම
කෑමට පෙර සබන් යොදා අත් සේදීම 
වැසිකිලි යාමෙන් පසු සබන් යොදා අත් සේදීම 
පලතුරු වර්ග නිතර ආහාරයට ගැනීම 
පලතුරු, පලා වර්ග කෑමට පෙර ගලා යන ජලයෙන් සේදීම 

ඔන්න එතකොටම අපේ චාමර අත උස්සලා ටිචර්ගෙන් ප්‍රශ්නයක් අහන්න ලෑස්තිය. 
ටීචර් මේක දැකලා චාමරට කිව්වලු  ප්‍රශ්නෙ අහන්න කියලා.

"ටීචර් වැසිකිලි ගියාට පස්සේ අත විතරක් හේදුවම ඇතිද?" කියලා චාමර කොලුවා ඇහුවලු...



6 comments:

  1. he hee oya chamara kiyana nam nethuwa asanka kiyala dammanan mokada...eka thamai hariyanne..:P

    ReplyDelete
  2. වැදගත් ප්‍රශ්නයක් !
    ටීචර් ඊට පස්සේ සෞඛ්‍යය ගැන කියා දෙන්න යන්නේ නැතුව ඉන්න ඇති. පවු නේද ඒ ටීචර් !

    ReplyDelete
  3. දැන් කාලේ පොඩි එවුන් ඔහොන්ම ම තමයි.. 2පාරක් නෙවෙයි..60 පාරක් හිතලා තමයි කතා කරන්න ඔනේ.. :D :D

    ReplyDelete
  4. හික් හික් ඉතින් ටීචර් මොනැ‍යි කියලා තියෙන්නෙ :D හික් හික් ;)

    ReplyDelete
  5. ටීචර් ඊට පස්සේ පාඩම නැවැතුවද ?

    ReplyDelete
  6. කලුපහණ සර්ගේ පන්තිය මාර ජොලිය. :-)
    පන්ති වර්ග නොකර ඉගැන්වීම එහි අමුතුම දෙයයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...