Thursday, September 22, 2011

කෝච්චි සහ මම


ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි කියන්නෙ නිකමට නෙමෙයිනේ.එක එක මිනිහගේ ආසාවන් එකිනෙකට වෙනස්. එකම දේ දිහා මිනිස්සු බලන්න විවිධ පැති වලින්. වැඩිය ඕනේ නෑ.....
බ්ලොග් අවකාශය අරන් බැලුවොත් ඇති ඒක තේරුම් ගන්න.
එක එක ජාතියේ බ්ලොග් තියෙනවා විවිධ විවිධ මාතෘකා ගැන කතා කරන. පොඩි දේකට කට්ටිය දෙපැත්තකට බෙදිලා වාද කරගන්නවා වෙලාවකට. 
ලෝකය ලස්සන වෙලා තියෙන්නෙත් මේ විවිධත්වය නිසා කියලයි මට හිතෙන්නේ

මමත් ආසකරන, පිස්සුවක් කියල අනිත් අයට පේන මට්ටමට ගියපු දේවල් කීපයක්ම මගේ ඔලුවේ තියෙනවා
music, ක්‍රිකට්......

ඒ අතරේ මට තියෙන තවත් පිස්සුවක් ගැන ඉඟියක් මම මේ බ්ලොග් එක ආරම්භ කරද්දීම දීලා තියෙනවා.
පොඩි කාලෙ කව්රු වෙන්නද ආසා කියල ඇහුවම දීපු උත්තර වලින් මට මතක තියෙන මුල්ම උත්තරේ තමයි "කෝච්චි ඩ්‍රයිවර්" කෙනෙක් කියන එක.
පොඩි කාලෙ ඉඳන්ම කෝච්චි වලට මාර ආසාවක් තියෙන්නේ. 
අම්මල එක්ක ගමන් බිමන් යද්දි බස් එකේ යන්නෙ නැතුව කෝච්චියේ යන්න වලි දාපු හැටි(දැනුත් අලුත්ගමට වෙනකන් කෝච්චියේ ඇවිත් ඉතුරු ටික තමයි බස් එකේ එන්නේ :D), කෝච්චියේ එන්ජින් එකේ පාටවල් බලපු හැටි , ස්කෝලෙ ගාව crossing  එකේ ඉන්න ගමන් කෝච්චියේ පෙට්ටි ගාන ගණන් කරපු හැටි එහෙම තාම මතකයි.

කෙනෙකුට හිතෙන්න පුළුවන් කනට ඉවසගන්න බැරි තරම් සද්ද කරගෙන එහෙ මෙහෙ දුවන යකඩ ගොඩකට ඔය තරමට ආසා කරන්නෙ මොකද කියල. ඇත්තම කිව්වොත් ඒකට හේතුවක් මටත් හිතාගන්න බැරුවයි ඉන්නේ. මම ඒ ප්‍රශ්නෙට උත්තරයක් තාම හොයනවා.
මේ කෝච්චි පිස්සුව නිසා වුන දේවලුත් තියෙනවා. "මචං ඇත්තටම උඹට පිස්සුද?, මොකක්ද උඹට කෝච්චි එන්ජින් එක්ක තියෙන සම්බන්ධෙ?" වගේ ප්‍රශ්න  අහපු උන් ඉන්නවා ගොඩාක්.
තව දවසක් මම CGR එකේ විස්තර කියවන විදියට කොල්ලෙක් අහනවා, "උඹ මැකනිකල් ද කරන්නේ? රත්මලානේ work shop එකේ ට්‍රේනින් හිටියද?" කියලා (ඇත්තටම රත්මලානේ යන්න තිබ්බ නම් සිරා!) :D
තව කව්ද ඇහුවා "ඔය තරමට කෝච්චි ගැන විස්තර හොයල ඇති ප්‍රයෝජනේ මොකක්ද, එකක් සල්ලි වලට ගන්නද හදන්නේ?" කියලා...
ඒත් ඕවගෙන් කවදාවත් කොල්ලා සැලුනේ නම් නැහැ.
හික් හික්!

අම්බලන්ගොඩ ඉන්න නිසා, කොළඹ යන්න එන්න කෝච්චියට නිතරම ගොඩ වුන නිසා කෝච්චි බලන්න නම් අමුතුවෙන් මහන්සි වෙන්න වුනේ නැහැ. ඒත් අන්තර්ජාලයෙන් වැඩිපුර විස්තර කියවල තමයි ගොඩක් දේවල් හොයා ගත්තේ. ඒකට උදව් වුනේ විකිපීඩියා , ගෙහාන් ගේ කෝච්චි බ්ලොග් එක සහ Sri Lanka Railway Forum එක තමයි වැඩිපුරම 

ඔය අතරේදී තමයි මූණු පොතේ තියෙන යකඩ යකා ගෘප් එක අහු වුනේ. මේකෙන් දැනගත්ත මටත් වඩා තදට කෝච්චි පිස්සුව ඔලුවට ගහපු උන් ඉන්නවා කියල. කවදාවත් මුණ ගැහිලාවත් නැති අපි සෙට් එක කෝච්චි ගැන එක එක දේවල් කතා කරා ඒ ගෘප් එක ඇතුලේ. ඉතිහාසය, වර්තමානය, තාක්ෂණය, එක එක මාදිලියේ එන්ජින් වල හොඳ නරක. කෝච්චි නිසාම අලුත් යාලු කම් ගොඩනැගුන කිව්වොත් තමා හරි.
ඔය විදියට අදහස් දැනුම බෙදාගෙන හිටිය අපිට මුණ ගැහෙන්න තියෙන අවස්ථාව තමයි rail hike එකක් කියන්නේ. දුමරිය මාර්ගයේ ලස්සනම කොටසක් තෝරාගෙන ඇවිදින්න යන්න, එකිනෙකා අඳුරගන්න , කෝච්චි වල පොටෝ ගහන්න වැඩ ගොඩයි....
පළමු හයික් එක බෝතලේ ටනල් එක ආශ්‍රිතව තමයි ගියේ.  සඳරුවන් කුඩාහෙට්ටි තමයි නඩේ ගුරා.
මට ඒකට සහභාගි වෙන්න නම් බැරි වුනා කැම්පස් එකේ වැඩ නිසා
ලඟදි දෙවැනි හයික් එක යනවා කියල ආරංචිය ලැබුන දවසේ ඉඳල අසාවෙන් හිටියේ යන්න. ඒ විදියට කාලයක් තිස්සේ බලන් ඉඳපු හයික් එක ලඟදි අපි සාර්ථකව නිම කරා. ඒ ගැන තොරතුරු මම ඊළඟ ලිපියෙන් කියන්නම්කො..... 


11 comments:

  1. ගිය ආත්මයේ කෝච්චි රියදුරෙක් වෙන්න ඇති ..:P :D

    ReplyDelete
  2. අඩෝ මේ උඹද?....කව්ද බං දන්නේ මේ බ්ලොග් එක උඹේ කියලා....හි හි......මම පූසත්(සූරියම්පොල) එකක් ආපු අනිත් පොර.....:D

    ReplyDelete
  3. "මචං ඇත්තටම උඹට පිස්සුද?, මොකක්ද උඹට කෝච්චි එන්ජින් එක්ක තියෙන සම්බන්ධෙ?"

    බැලුවම බන් අපි කෝච්චි පිස්සො ඔක්කොටම තියෙන්නෙ එකම ප්‍රශ්න ටික :D

    ReplyDelete
  4. @චතුමිතු:
    ඒකත් හරි වෙන්න පුළුවන්

    @මකුළුවා: උඹ නේද පේරා කැම්පස් එකේ බුවා? ආයේ දවසක සෙට් වෙමුකෝ
    @Chandika: ඔව් බං අනිත් මිනිස්සුන්ට පිස්සුද මන්දා අපෙන් ඔහොම ප්‍රස්න අහන්න :D

    ReplyDelete
  5. මම පික්ස් ටිකක් දැක්ක රේල් හයික් එකේ,වැඩේ එලට ගිහින් තිබ්බ හැඩයි..

    ReplyDelete
  6. ස්කෝලෙ ගාව crossing එක ගාව හිටියෙ ඇත්තටම කෝච්චි බලන්නද??

    ReplyDelete
  7. @Chamma:ඔව් ඔව්
    වැඩේ සුපිරි

    @ruwantha:තැන්කු ලොක්කා

    @keshan:අනිත් ඒවා නම් ඕන වෙලාවක බලන්න පුලුවන්නෙ බං
    එත් කෝච්චි පේන්නේ crossing එක ගාව විතරනෙ :D

    ReplyDelete
  8. මමත් පොඩි කාලේ ජොබ් එක මොකක්ද ඇහුවොත් කියන්නේ එන්ජින් ඩ්‍රයිවර් කියල....දැනුත් පට්ට ආසවක් තියෙන්නේ..

    ජය...

    ReplyDelete
  9. නියමයි මචං, අද තමයි මේ පැත්තෙ මුලින්ම ආවෙ. Rail hike එකට මාත් එන්නයි හිටියෙ. හොද ෆොටෝස් ටිකකුත් අරන් මගෙ බ්ලොග් එකේ දාන්න ආසාවෙන් හිටියත් අන්තිම මොහොතෙ එන්න බැරි වුනා. :(

    ReplyDelete
  10. මෙන්න තවත් කෝච්චියෙක්.අපිනම් ගියා ගෙහාන් අයිය එක්ක කොච්චි හයික් එක කඩුගන්නාවේ ඉඳං ඉහල කෝට්ටේ දක්වා පහලට.බින් ගෙවල් දෙකක් ඇතුලෙදි කොච්චි ආවා.යාන්තං අයින් උනාම ඉඩ ටිකක් තියනවා.මාර අත්දැකීමක් !

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...