Friday, September 16, 2011

කුමාරියෝ..............


එදා පටන් අපේ ගමට ආගිය නෙක කුමාරියෝ
රුහුණු, ගාලු, සාගරිකා, රජරට ලෙස නම් දරුවෝ 
හැමදා හිමිදිරි උදයේ අපව කොළඹ අරන් ගියෝ
සවස් කලට නැවතත් අප ගමට ගෙනත් ඇරලූවෝ

පා පුවරුවෙ වාඩි වුනත් සැප අසුනක සුව දැනුණා
එන්න ටිකක් පමා වුනත් නැහැ අපි වූයේ තරහා
පමා වෙලා ආවත් බස් එකට කලින් කොළඹ ගියා
ඔබ ආවේ නැති දවසට මගතොට අපි දුක් වින්දා 

නිල් රතු සුදු කොළ ආදී නෙක පැහැයෙන් සැරසීලා
ගමන් කරන තාලය අප සැමගේ නෙත සිත පිනුවා
අපේ උපන්දින සමරන්නට අපි හා එක්වූවා 
ඕප දූප , විහිලු තහළු නිබඳ අසාගෙන සිටියා

දැන් ටික දවසක ඉඳලා වෙනසක් දක්නට ලැබුණා
කුමාරියෝ අපේ ගමට නොඑනා බව සැලවූවා
තරහා වෙන්න කරුණ කිමද අනේ අපට වෙන්න සමා
එදා වගේම ආපසු එනවද හොඳ හැටි හිනැහීලා

ගල් මුල් පය පැටලි පැටලි යනෙන ගමන දුක හින්දා
කුමරියො යන එන මග හදනව මල් පාවඩ එලලා 
වැඩ නිම වූ පසු නැවතත් එනවලු කුමරියො සැවොමා
එදින උදා වනතුරු අපි බලා හිඳිමු නෙත් දල්වා 


මාර්ග අලුත්වැඩියා කටයුතු සඳහා මාස හයකට ගාල්ල අලුත්ගම දුම්රිය ධාවනය නවත්වා ඇත. එම නිසා දුම්රියෙන් ගමන් කල අපට බස් වල ගමන් කිරීමට සිදුවී ඇත. ඉහත දක්වා ඇත්තේ මේ සිදුවීම මුල් කරගෙන ලියවුනු කවි පෙළකි. 



4 comments:

  1. සාගරිකාටවත් රුහුනු කුමාරිටවත් සමුද්‍රදේවියටවත් අපිව දලා එයාගෙ ගමන යන්න බෑ
    ඒ වගේම තමය් අපටත්..

    ReplyDelete
  2. ඒක ඇත්ත , එදිනෙදා රස්සාවට යන මිනිස්සුන්ගෙ දවසෙන් පැය හතරක් විතර ගෙවෙන්නෙ කෝච්චියේ. ඉතින් කොහොමද කෝච්චිය නැතුව ඉන්නේ.
    ඒ තරමට අපේ ජිවිත වල කොටස්කාරයෙක් වෙලා කෝච්චිය.

    ReplyDelete
  3. ඒකනෙ බං. අත පය දිගඇරලා සැපට පැය දෙකට දෙකහමාරට කොළඹ ගිහිපු ආපු අපිට දැන් පැය තුනහමාරක් හතරක් බස් එකේ හිරවෙලා කරච්චල් අහගෙන යනකොට සසර කළකිරෙනවා. කුමාරිලා ආයෙ ඉක්මනටම එනවනම් හොඳයි.

    ReplyDelete
  4. aththatama sira kawi pela

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...