Wednesday, May 11, 2011

Mobile Communication at its Best!

කොහොමද ඉතින්? කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවේ. පහුගිය දවස් වල අරහෙ මෙහෙ දුවනවා ඉවරයක් නෑ. දැන් තමයි ටිකක් හරි නිවාඩුවක් තියෙන්නෙ. ලියන්න දේවල් නම් ඕන තරම් තියෙනවා. ඒත් හරි හමන් වෙලාවක් ලැබුනෙ නෑ පහුගිය ටිකේම.


මේ දවස් වල අපේ ජංගම දුරකථන සමාගම් යුද්දෙට බැහැලා. 3.75G 4G 21mbps 100mbps වගේ දේවල් හැමතැනින්ම ඇහෙන්න කියවන්න ලැබෙන කාලයක් මේක. දකුණු ආසියාවේ මුල්ම LTE network එක හැදුවේ අපි කියල දෙගොල්ලෙක්ම කෑ ගහනවනේ. ප්‍රස්නේ කව්රු ඇත්ත කියනවද කියල හිතාගන්න බැරි එකයි. advertisement වල නම් ලොකුවට කියලා තියෙනවා අලි දෙනවා කොටි දෙනවා කියලා. ඔය මොන දේ කිව්වත් අපි ඩොන්ගල් එක ගහගෙන නෙට් යන්න ගියාම තමයි තේරෙන්නේ වැඩේ කියන තරම් සුන්දර නෑ කියලා. 
ලංකාවේ නිදහසින් පස්සේ සංවර්ධනය වුන බොහොම අතලොස්සක් ක්ෂේත්‍ර වලින් එකක් හැටියට සන්නිවේදන ක්ෂේත්‍රය හදුන්වන්න පුළුවන්. ඒ කොහොම වුනත් තවත් මේක දියුණු වෙන්න ඕන කියන එක පිළිගත යුතු කාරණයක්. විශේෂයෙන්ම අන්තර්ජාල සම්බන්ධතා පැත්තෙන්. සමහර පැති වලට තාමත් 3G සිග්නල් ලැබෙන්නේ නෑ. සමහර දුරකථන සමාගම් වුනත් තමන්ගේ 3G coverage වැඩි කරන්න උනන්දුවක් නෑ වගේ.ඉතින් ඒ පැති වල අයට mobile broadband කියන්නේ තාමත් සිහිනයක් තමයි. මං අද ඇත්තටම බ්ලොග් එක පැත්තේ ආවේ ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රය ගැන විග්‍රහයක් කරන්න නම් නෙමෙයි. මේ 3.75, 4 හුට පට අහද්දි දකිද්දි, දුරකථන භාවිත කරද්දි අපි කන කටු මතක් වෙද්දි පරණ කතාවක් මතක් වුණා. ඒක ඔයාලට කියන්න තමයි මේ ලෑස්තිය.

අපි campus ආපු මුල්ම කාලෙ වුන සිද්දියක් මේක. ඇත්තටම කිව්වොත් මේක කොල්ලෙකුට ගහපු card එකක්. කැම්පස් එක ඇතු‍ලෙ ලංකාව වටෙන්ම ආපු යාලුවෝ ඉන්නවනෙ. ඔය අතරේ ඉන්නවා ඩොටේ යයි සම්මත වුණ ප්‍රදේශ වලින් ආපු අය. ඩොටේ කියන වර්ගීකරණයට ඇතුලත් වෙන්නේ කැම්පස් එකේ ඉඳල ගොඩක් දුර , යන්න ගොඩක් වෙලා ගත වෙන ගම් පළාත් වලට තමයි.

මේ කතාව ඔය වගේ ඩොටක ඉන්න අපේ යාලුවෙක් sms යවන ආකාරය ගැන. මේ යාළුවා ඉන්න පැත්තට සිග්නල් නැතිලු ෆෝන් එකට. ඉතින් මේ යාළුවා ගෙදර ඉන්න දවසට sms යවන්නෙ  මෙහෙමලු.
පළමුව අවශ්‍ය පණිවිඩය ෆෝන් එකේ type කරගන්නවා.
දෙවනුව ගෙදරින් එලියට බැහැල වත්තේ ඉඳගෙන sms එක සෙන්ඩ් කරන්න ඕන button එක ඔබල ෆෝන් එක උඩ දානවා.
ආපහු ෆෝන් එක පහලට එද්දී අල්ලාගෙන විනාඩි 2ක් විතර බලාගෙන ඉඳල ආපහු ඒක උඩ දානවා.
මොකටද දන්නවද?
Delivery report එක ගන්න.

කොහොමද වැඩේ?

5 comments:

  1. කොහොමහරි වැඩේ වෙනව නං ටොඩේ වුනත් ප්‍රශ්නයක් නැහැ, මාත් සිංහරාජ අඩවියෙ යාළුවෙකුගෙ ගෙදර ගිහින් හෙන කන්දක් නැග්ග සිනල් ඔත්තුවක් ලැබිල. ඊට වඩා ලේසිය් ඔයාගෙ යාලුවගෙ සිස්ටම් එක.

    ReplyDelete
  2. ethakota 4n ekakin yawanna puluwan eka msg ekak vitharai wenna athi....neeeda...oka ochchara uda dala watunama aluth ekaka gannawa athi neeeda...

    ReplyDelete
  3. @Anonymous 2:

    පිස්සුද? මිනිහා ඩයල් එක.
    වැටෙන්නෙ නැතුව ෆෝන් එක අල්ල ගන්නවා කොහොම හරි.

    ReplyDelete
  4. මට මේ කතාව දැකපු ගමන් මතක් උනේ අපේ චුල්ලාව(අසංක අයියා නම් දන්නවා dial 1ක කව්ද කියලා), ඌත් වැරදිලා හරි ගෙදර ගියොත් ආයේ ඉතින් වැරදිලාවත් call, sms එහෙම කරලා හමාරයි................

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...