කොළඹ නගරයේ සිට මාතර දෙසට 80km පමණ එන විට සුන්දර නගරයක් හමු වන්නේය. එක පසෙකින් මහා මුහුද හා යාවී පිහිටන ඒ නගරයේ නම අම්බලන්ගොඩ වන්නේය. මා හැදුනු වැඩුණු මගේ ගම. අතීතයේ දවසක එක්තරා නාවිකයන් පිරිසක් මුහුදේ අතරමංව සිටිනා විට ගොඩ බිමක් දිස් වූයෙලු. එවිට එහි සිටි එක පුද්ගලයෙක් ප්‍රීති ප්රමෝදයට පත් වී " ආන් බලන් ගොඩ" කියා කෑ ගැසුවේලු. අපේ ගමට නම ලැබුනේ එලෙසින් යයි පාසල් කාලයේ ඉගෙන ගත්තා මතකය. තවත් මතයක් වන්නේ අම්බලම් රාශියක් එක තැනක තිබූ නිසා අම්බලන්ගොඩ නම සැදුනු බවයි.
අම්බලන්ගොඩ වැසියන්ට ආවේණික වූ කතා විලාශයක්ද ඇත්තේය. . මේ නිසා ලංකාවේ කොහේ කොතැනක ගියත් අපි කතා කරන්නට පටන් ගත් සැණින් "මල්ලි ඔයා අම්බලන්ගොඩ නේද?" යනුවෙන් අසන්නේය. අම්බලන්ගොඩ මිනිසුන්ට නහය කියා ඉන්ද්‍රියක් නොමැත. ඇත්තේ "නහේ" ය. එකේ ඉඳන් සීයට ගණන් කරන්න කිව්වොත් දහය කියා ඉලක්කමක් ඔබට නොඇසෙනු ඇත. අපේ ගණිත ක්රමයේ ඇත්තේ දහය නොව "දහේ" ය. පහළොව කියා ඉලක්කමක්ද අම්බලන්ගොඩ නැත. ඇත්තේ "පාළහ" ය. හැබැයි ඉතින් මේ දේවල් ගොඩක් අලුත් පරම්පරාවෙන් ගිලිහිලාය (මමද ඇතුළුව ) .එහෙත් මගේ හොස්ටල් කාමරයේ සිටින ගාල්ලේ යහළුවෙකු "පාළහ" යනුවෙන් පවසනු අසන විට මගේ සිත සතුටින් පිනා යන්නේය. අම්බලන්ගොඩ උරුමය ඉදිරියට ගෙන යාමට වෙනත් ප්‍රදේශ වල අය හෝ ඉදිරිපත් වීම මට සතුටකි.
කියන්න දේවල් නම් මහා මෙරක් මෙනි. රටේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී ක්‍රියා කල සෙන්පතියන් තිදෙනෙකු බිහි වූ පුරවරයකි. ගුවන් හමුදා පතිවරයෙකු පොලිස්පති වරයෙකු සහ හමුදාපති වරයෙකු ඒ අතර වෙයි.
වත්මන් මැතිවරණ කොමසාරිස්වරයාද මෙහි උපන්නෙකි. තවත් රටේ නම ගිය පුද්ගලයන් රාශියක් අම්බලන්ගොඩින් බිහිවී ඇත. අපේ ගමේ ඇත්තේ පන්සල් පමණි. කෝවිල් පල්ලි ආදී ආගමික ස්ථාන පිහිටා නොමැත. එවැනි වූ තවත් නගර මෙසිරිලක ඇති බවක් මම නම් අසා නැත.
මොන දේ තිබුනද අම්බලන්ගොඩ කියූ සැනින් සියලු දෙනාට මතක් වන්නේ රූකඩ සහ වෙස් මුණුය. විශ්ව විද්‍යාලයට යන අපේ කොල්ලන්ට රැග් සීසන් එකේ රූකඩ නටා පෙන්වීමට සිදු වන්නේ ඒ නිසා විය යුතුය. සිරස චූටි මල්ලි සහ පොඩි මල්ලිගේ දෙපානම රූකඩ සංගමය හැරුණුවිට අනිත් රූකඩ කණ්ඩායම් සියල්ලක්ම පාහේ අම්බලන්ගොඩ කේන්ද්‍ර කර ගනිමින් පැවත එයි.
වෙරළට ගිය කල මහා මුහුද මැද ගල් පර්වතයක් දිස් වෙයි. ගෙඳවාන ගල නමින් හඳුන්වන මේ ගල් පර්වතය ලිහිණි ගල යනුවෙන්ද හැදින්වෙන්නේය. ලිහිණි මෙය මත කැදලි තනා බිත්තර දමන නිසා ඒ නම ලැබුනේලු. මේ නිසාම එකදු ගහක් කොලක් හෝ නැති මේ ගල් පර්වතය රක්ෂිත අභය භූමියකි . මා දන්නා තරමට ලංකාවේ ඇති කුඩාම රක්ෂිතය වන්නේ මෙයයි. තවද ස්වභාවිකව නිර්මාණය වූ නාන තටාකයක්ද අම්බලන්ගොඩ වෙරළ තීරයේ දක්නට ලැබේ.
ලංකාවේ සෑම අතකම බෞද්ධ සමිති නම් එමට ඇත. එහෙත් Sea dragons බෞද්ධ සමිතිය යනුවෙන් නමක් ඇති බෞද්ධ සමිතියක් ඇත්තේ අම්බලන්ගොඩ විතරක් විය යුතුය. කෝමද නම? මේ නම අසන විට මට දැනෙන්නේ IPL කණ්ඩායම් වලට දමා ඇති නම් මේ නම ඉදිරියේ පරාද බවයි.
අපටම අවේණික කෑම බීම ගැන දෙයක් කියන්නට තිබේ. ඒ බිලිං අච්චාරු ගැනය.ලංකාව පුරා මොන තරම් අච්චාරු වර්ග තිබුනද බිලිං අච්චාරු හදන්නේ අම්බලන්ගොඩ පමණි. වෙනත් ගම් පළාත් වල අය මේ අච්චාරුව කනවා තියා මේ ගැන අහලා වත් නැත. අපේ අම්මා නම් මේ කෑම සෑදීමට අති දක්ෂය. අවුරුද්ද කාලයට අපේ ගෙදර නොවරදවාම හැදෙන මේ අච්චාරුව සමග පාන් බත් රොටි ආප්ප ආදී ඕනෑම දෙයක් ආහාරයට ගත හැක. (මම නම් මේවා සමග ක්‍රීම් ක්‍රැකර් බිස්කට් පවා කන්නෙමි. ටෝනි රණසිංහ ට මාලු ඇඹුල් තියල්, ලුණු මිරිස් සමග ක්‍රීම් ක්‍රැකර් කන්නට හොඳ නම් අපි බිලිං අච්චාරු සමග කෑවාම මොකද නේද? )හැබැයි මෙය හරිම සැර කෑමකි. ගැස්ට්‍රයිටිස් ඇති අයට මෙය දැක්කද ලෙඩේ උත්සන්න වනු ඇත. අපේ ගෙදර වඩු වැඩ කල තිලකසිරි අයියා මේ අච්චාරුව ඩයිනමයිට් වෙඩි බෙහෙත් ආදී නම් වලින් හැදින්වූවේ නිකමට නොවේය.
"ඔබට තියන ආදරේ මට" යන ගීතය ඔබට මතක ඇතැයි සිතමි. මෙහි ලියලා,කියලා වෙනුවට ලියාල ,කියාල යනුවෙන් ඇත්තේ කුමක් නිසා දැයි ඔබ නිකමට වත් සිතා තිබේද? මට නම් සිතෙන්නේ ගීත රචකයා හිතා මතාම අම්බලන්ගොඩ ජන වහර මෙම ගීතයට ඇතුලත් කර ඇති බවයි.
මෙවැනි වචන රාශියක් අම්බලන්ගොඩ ජන වහරේ දක්නට ඇත.
අපේ ජන වහර ගැබ් වී ඇති තවත් ගීත කීපයක් පහතින් දක්වා ඇත.
ලියාලා
කියාලා
මරාලා
අපේ ජන වහර ගැබ් වී ඇති තවත් ගීත කීපයක් පහතින් දක්වා ඇත.
"මා දෙස නෙත් නොපියා බලාපු.."
"ඇස් දෙකින් දොඩන්නේ ඇයි ඔයා.. "
"ඇස් දෙකින් දොඩන්නේ ඇයි ඔයා.. "
"රන් රුවන් ගෙනල්ලා මා ලඟින් තියාලා.."
අපි කතා කරන විට අදිනවා යනුවෙන් අපිට කොල්ලන් විහිලු කරන බව ඇත්තකි. රූකඩ නටන්නට වෙන බවද ඇත්තකි. sea dragons බෞද්ධ සමිතියේ photos FB වල අපේ නමින් ටැග් වෙන බවද ඇත්තකි. ඒ කෙසේ වුවද මම මගේ ගම ගැන ආඩම්බර වෙමි. මගේ ගම අම්බලන්ගොඩ යයි ඕනෑම තැනක නොබියව පවසමි.කෙටියෙන්ම කිව්වොත් මම අම්බලන්ගොඩයෙක්මි!
අනිවා අසංක අයියා.. අම්බලන්ගොඩයෙක් වෙච්ච එක ගැන මටත් පට්ට ආඩම්බරයි. තව කාරණයක් තියේ. අම්බලන්ගොඩ අපට සඳුදා දවසක් නෑ. තියෙන්නේ "සන්දා". :D
ReplyDeleteඑළ එළ මචං. ඒත් මචං අම්බලන්ගොඩ එවුන්ගේ ඇදිල්ල පරාදයි කරන්දෙණියේ එවුන් ඉස්සරහ නැද්ද?
ReplyDeletepala pala
Delete"මම අම්බලන්ගොඩ" අපි කොහේ ගියත් ආඩම්බරයෙන් කියන 1ක් තමයි ඒ. ඒ ගැම්ම, ඒ හයිය දන්න කාලෙක ඉදන් අපි ගාව තිබුනා.අපි හරි අමුතුයිලු, වෙනස්ලු, කථාකරනවා අහන් ඉන්න ආසයිලු,ගෑනු ළමයින්ට boot දෙනවා වැඩියිලු(අනේ මන්දා), ගොඩේ ලු, ඩොටේ ලු කොහොම උනත් ඒක තමයි අපේ අනන්‍යතාව. අපි ඒකට කැමතියි. ඒ ගතිය හැමදාම අපි ගාව තියේවි.......
ReplyDelete- තවත් ආඩම්බරකාර අම්බලන්ගොඩයෙක් -
එල එල
ReplyDeleteමොකක් කිව්වත් අපිට "ඩොටේ" කියන්න නම් බෑ මචෝ...
පැය දෙකෙන් කොටුවට යන්න පුළුවන් අපිට.
ඒත් ඔය කොළඹ සමහර උන්ටත් ඊට වඩා වෙලා යනවා කොටුවට යන්න.
:D
මමත් සාඩම්බර අම්බලන්ගොඩයෙක්...
ReplyDelete@ ජයමාල් ඒකනං ඇත්ත සදුදා කියල දවසක් අපට නෑ නේන්නං තියෙන්නෙ සන්දානෙ...
@ අම්බලන්ගොඩයෙක්, කවුද බොල අපි ගෑනුලමයින්ට බූට් දෙනව වැඩියි කියන්නෙ...
මොනව වුනත් අම්බලන්ගොඩයෙක් උන එක ගැනනං බොක්ක පතුලෙන්ම ආඩම්බරයි...
හී හී... අද තමයි මම මේ බ්ලොග් එකට ආවේ..
ReplyDeleteමම ගාලු පුර වැසියෙක්මි...
දකුණෙනේ ඒ නිසා කමක් නෑ..
මට අම්බානෙකට හැපිය ඒ මමද අම්බලන්ගොඩයෙක් වීම නිසාය
ReplyDeleteපොඩි පරහක් තියෙනවා අයියා, ඔය දොඩන්නේ කියන 1ක මෙහෙ වචනයක්ද??
ReplyDeleteඅපි ඔච්චරට boot තියනවානම්, ඔච්චරටම boot තියන්න තරම් කෙල්ලො දාගන්න 1ත් අපේ කොල්ලොන්ගේ ගැකියාවනේ.......... :D :D
අපේ එකෙකුයි නුවර එකෙකුයි නුවර එකෙකුයි වහින වෙලාවක ගමනක් යද්දි අපේ එකා කිව්වලු "මචන් ලුස්ටයි බලාගෙන පලයන්" කියල. කියන කොටම ඌ ලිස්සල වටුනලු.ඒකා නගිටල ඈහුවලු "මොකක්ද මචන් උම්බ කිව්වෙ කියල"
ReplyDeleteලුස්ටයිත් අම්බලන්ගොඩම එකක්ද???
එලම තමා අසන්ක අයියෙ....අපි හිතනවට වඩා ගම ලොකුයි කොලඹ උන්ට.යුනි ආපු මුල්ම දවස්වල කොලඹ එකෙක් ඇහුව අඩෝ උඹද අම්බලන්ගොඩ දිස්ත්‍රික් ෆස්ට් කියල.ඇයි හුටා,වහයේ එහෙමත් අපේද මන්දා.
ReplyDeleteඅපි හැමෝම ලොවෙත් අම්බලන්ගොඩයො තමා
@ඩෙනිස් : දොඩනවා කියන එක මෙහෙ කට්ටියත් පාවිච්චි කරනවා..
ReplyDelete@ඇනෝ..: සිරාවට. ලුස්ටනවා කියන එකත් මෙහෙ එකක් තමා මං හිතන්නෙ.
@අකු : මල්ලි , අපේ කැම්පස් එකට හැම අවුරුද්දෙම අම්බලන්ගොඩයෝ දහේකට එහා රිංගනවා. ඒත් සමහර දිස්ත්‍රික්ක වලිනුත් එන්නේ ඊට වඩා අඩු ගානක්. තව එකක්, අපිට ගෙදර ඉඳන් කැම්පස් එකට එන්න යන වෙලාව ඇහුවම සමහර උන්ගේ ඇස් දෙක ලොකු වෙනවා.
එල කිරි අසංක අයියා....මමත් අම්බලන්ගොඩයෙක්මි! maxsaaaaaaaaa
ReplyDelete@අකූ - අනිවා මචං, අම්බලන්ගොඩත් දිස්ත්‍රික්කයක් වගේ තමයි කැම්පස් යන ගාන ගත්තහම............
ReplyDeleteතව කතාවක් තියෙනවා. බලපිටියේ බෝඩ් එකේ හුකා මෙන්න බලපිටිය කියල තියෙනව වගේ. අම්බලන්ගොඩත් තියෙනවා කියල කියන්නේ "කොහෙද වාහේ මෙච්චර වෙලා ගියේ" කියලා.. :D
ReplyDeleteMaximum Asanka aiya.....
ReplyDeleteMaxaa talk එක අයියා.... මේක හොදයි අපේ මැටි කොළඹ යක්කුන්ට පෙන්න්න.....
ReplyDeletehostel aka inna anith ambalangodaye lane mama neda?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ කියල තියෙන ගොඩක් දේවල් බෙන්තර ගඟෙන් එහා...කියන ගනේට වැටෙන දේවල් නේද....අම්බලන්ගොඩ කියලා කෙලින්ම කියන්න අමාරුයි නේද ? ඉන්දුරුවෙන් පටන් ගත්තම ගාල්ලට විතර යනකන් වගේ පැතිරිලා තියෙනවා. මොනවා උනත් හොද පොස්ට් එකක්.
ReplyDeleteචාම් : දොඩනවා කියන වචනෙ නම් ගොඩක් තැන් වල පාවිච්චි වෙනවා. ඒත් අනිත් දේවල් නම් බෙන්තර ගඟෙන් එහා කියන ලොකු කුලකෙට දාන්න අමාරුයි. මොකද කිව්වොත් ගාල්ලෙ කතා බහ මීට වඩා ගොඩක් වෙනස්. මාතර පැත්තට යනකොට තවත් වෙනස් වෙනවා. හී හී.
ReplyDeleteඔය බිලිං අච්චාරුව වුනත් ඒ වගේ තමයි. බෙන්තර ගඟෙන් එහා පැත්තෙ උන් වත් ඕක ගැන දන්නෙ නෑ. රූකඩ ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
මෙහෙම ගමක් ඇත්තෙම නෑ මේ රටේ!!!!!
ReplyDeleteAy "rawattanawa" kiyana eka. Mata mulinma iskole apu kale harima pudumai meka. Nam kiyala vihilu karanawata Ambalangoda aya kiyanne "rawattanawa" kiyala. Rawattanawa kiyana eke niyama teruma boru kiyala wenat deyak viswasa karanna salaswanawa kiyana ekane.
ReplyDeleteමගේ යාලුවෙක්ට උනා කැත වැඩක්.... ඌ බලපිටියේ එකෙක් උගේ පුරුද්දට ඌ කියන්නේම "බොගේ" "බොගේ" (උඹේ කියන එක) කියලා.... අපේ කැම්පස් එකේ පොෆ් උන් මගේ යාලුවාට ගොඩයා කිව්වා..... ඒ උනාට උන්ගේ එක එක උත්සවවලට මාලු, ඇබුල්තියල් මතක් උනාම ඌව හොදයි...
ReplyDeleteතව එකක් මතක් වුණා,
ReplyDeleteමළ ගෙවල් වැඩ කරන්නෙ අපේ පැත්තෙ විතරයි නේද ?
අනිත් පළාත් වල එක්කෝ භූමදාන කරනවා.නැත්නම් ආදාහනය කරනවා.
එක පාරක් මාතර මළ ගෙදරක ගිහින් "මචන් මරණේ වැඩ කරන්නෙ කවද්ද?" අහලා උන් උඩ බිම බලනවා.
අඩේ එල කිරි ලිපියක් මචන්. මමත් අම්බලන්ගොඩයෙක් වීම ගැන ආඩම්බරවෙමි!
ReplyDeleteඅපේ භාෂාව ගැන තියෙන කතා නම් එමටයි. කොටුව නෙවෙයි කොට්ට, කොටුව නෙවෙයි කෝට්ට කියලනේ කියන්නෙ. අපේ එකෙක් ඕක කියල. අනිත් එවුන් නිදාගන්න කොට්ට පෙන්නලා අහනවා මේවට කියන්නෙ මොනවද කියල.
බිලින් අච්චාරු තියෙන්නේ අම්බලන්ගොඩ විතරයි කියල දන්නේ මේක කියව්වම. පවු නේද බන් අම්බලන්ගොඩ නොවෙන උන්?
@කවින්ද: උඹ කාගෙන් හරි අහල බලපන්කො බිලිං අච්චාරු ගැන. අනිවා කියාවි දන්නෙ නෑ කියලා.
ReplyDeleteමම නම් දන්නවා.
Deleteමේච්චර කොමෙන්ට් වැදිච්චි හින්දා ආයෙත් මක්ක හරි දාන්න හිතුවා..
ReplyDeleteලිපියෙ සෑහෙන්න කරුණු තියෙනවා නෙව..හබැයි පුතෝ හමුදාපතිලා මැ.කො.ලා ගැන කිව්වට අම්බලන්ගොඩයොන්ගේ කීරීඩා ගැන නෑ නේ බොලේ...ඔය ජාතික සංචිතවල අම්බලන්ගොඩයො කියක් නං කියලා ඉන්නවැයි..කිරිකට් ගත්තත් එහෙම්මයි.. චෙස්,බැට්නින්ටොං,බාස්කට්බෝල(රවුම ඇතුලින් බෝලේ දාන සෙල්ලම)ආ ආ තව TT (තව කල්පෙකට අම්බලන්ගොඩයොත් එක්ක TT සෙල්ලං බොලු....අම්බලන්ගොඩයො මැච් 1ට එනකොට අනිත් ඇත්තන්ට සුලු දිය බේරෙනවාලු...),sea swimming ගත්තත් ඉතින් අපි 1ම තමා හික්..හික්..හි..
තව ඔය නම පිටිපස්සට ඉංගිරීසි අකුරු ගොඩාරියක් තියෙන ඇත්තොත් එමටයි...(කැළනියෙ ආචර්යවරයා නං අපේ 1ක් නෙවෙයි ඕං...)
(අසංකට-මේ පාර ඔය කලින් කිව්ව කැම්පොස් 1ට අම්බලන්ගොඩයො 15කට වඩා රිංගන්නලු බලාන ඉන්නේ..)
එහෙං ගියාම තව සරිගමකන්නෝ(misic කාරයෝ)ත,හිටගෙන කවි කියන ඇත්තෝ,ගායකයයෝ.. බෝමයි
ඔව් ඔව්. විවිධ පැති වලින් ලංකාවේ නමගිය අම්බලන්ගොඩයෝ රාශියක් ඉන්නවා. ඒ හැමෝම ගැන කියන්න ගියොත් මං හිතන්නෙ පොතක් නෙමෙයි පොත් දෙක තුනක් පිරෙන්න ලියන්න පුළුවන්.
ReplyDeleteඉස්සර අපේ ඉංග්‍රීසි පොතේ තිබ්බ "දිය කිඳුරියක්(පිහිනුම් ශූරියක්) " ගැන article එකක්. ඒකෙ ඉන්න ගෑණු ළමයත් අපේ ගමේලු.
සරිගමකන්නෝ කිව්වේ මටත් එක්කනේ?
:D
සී ද ඇස් කුලතිලක මහත්තයත් අම්බලන්ගොඩයෙක්ලු.
:D
ReplyDeleteඅම්බලන්ගොඩටම ආවේණික වචනයක් තමයි "පඩත්තල". කැම්පස් ගිය මුල් දවස් වල (rag season එකේ) එක මෝඩ වළාමයක් උඩ පැන පැන පොර ටෝක් දෙද්දි, මම ලඟ හිටපු එකෙකුට කිව්ව "මූ නන් රට පඩත්තලයෙක් වගේ" කියල. ඒකා ඇස් ලොකු කරල මගෙ දිහා බැලුවෙ හරියට මම කුණුහරුපයක් කියපු ගානට!
එල එල අසංක අයිය. දැන්නෙ දැක්කෙ සිද්ධිය. දැන් දැන් අම්බලන්ගොඩයො ලෝකෙම හොල්ලනව. පැත්ත ගියත් අම්බලන්ගොඩයෙක් තමා.
ReplyDeleteමම දැන් තමයි මේ පෝස්ට් එක දැක්කෙ... මට මග ඇරුනෙ කොහොමද කියල මම මේ කල්පනා කරේ.. මට කියන්න දෙයක් නම් නෑ.. ඔක්කොම ටික උඔ කියලනේ.. අර බිලින් අච්චාරු කථාවනම් ඇත්ත තමයි...
ReplyDeleteE bilin achcharu seen eka nam hoyalama balanna watina 1k. Math danagena hitiye na eka. Eka nikan wiswaasa karannath ba wage. Ethakota 'rawattana' 'padaththala' wachana walata anith aya kiyanne monawa kiyalada? 'enawada' kiana ekata 'enaway?' wage ewa kianneth mehe witarada? Niyama post1k! Maath ambalangodiyak (female) weema gena atthatama sathutu wemi!
ReplyDelete-man munupothe ish- :p
Mama danna tharaminnam bilin achcharu Galla , Matarat thiyenawa.Oya wachana godak ewa iduruwa edan Gallata yanakamma wage ekai. (Rathgamai,Thotagamuwai nethuwa).
ReplyDeleteMonawa unath Bentara gagen ehaane. aulak ne! =)
අපේ තාත්තා මාතර හක්මන, තාත්ත අවුරුදු තිහක් විතර මාතර, හක්මන, කඹුරුපිටිය පැති වල ජිවත් වෙලා තියෙනවා. තාත්තා දන්න විදියට බිලිං උයල කනවා මිසක් අච්චාරු මාතර හදන්නේ නැත.
ReplyDeleteමා සමග කැම්පස් එකේ සිටි ගාල්ලේ කොල්ලෝ බිලිං අච්චාරු කි විට දන්නේ නැත. වචන වලින් කිවොත් දොඩනවා යන්න හරි අනෙකුත් වචන අපේ ප්‍රදේශයේ මිස ගාල්ලේ නොමැති බව හොඳාකාරවම දනිමි.
hikkaduwa, galla pathi wala jeewat wena godak aya dane gedarakadi,auruddata bilin achcharu hadana bawa hoda karawa atdekeemen danimi!!
ReplyDeleteesema ape set wala idapu kollongen(galla,balapitiya,ambalangoda,hikkaduwa,unawatuna) okkongema bashawa eka bawat hodaakarawa danimi(rathgama saha thotagamuwa arunu wita)
anunge deyak thamange witarak kiyala aiti kara geneema weradi deyak bawa matak kireemata kemattemi!ohoma anit aya rawetteema weradi deyak neda.? :O
(meyata ambalangoda,balapitiya,hikkaduwa,galla hodata karak gahapu saha gahana ekek)
Rukada Kandayam wala Phone Number tikak dannako danna kenek innawanam.
ReplyDelete