Saturday, May 28, 2011

මම අම්බලන්ගොඩයෙක්මි.

කොළඹ නගරයේ සිට මාතර දෙසට 80km පමණ එන විට සුන්දර නගරයක් හමු වන්නේය. එක පසෙකින් මහා මුහුද හා යාවී පිහිටන ඒ නගරයේ නම අම්බලන්ගොඩ  වන්නේය. මා හැදුනු වැඩුණු මගේ ගම. අතීතයේ දවසක එක්තරා නාවිකයන් පිරිසක් මුහුදේ අතරමංව සිටිනා විට ගොඩ බිමක් දිස් වූයෙලු. එවිට එහි සිටි එක පුද්ගලයෙක් ප්‍රීති ප්‍රමෝදයට පත් වී " ආන් බලන් ගොඩ" කියා කෑ ගැසුවේලු. අපේ ගමට නම ලැබුනේ එලෙසින් යයි පාසල් කාලයේ ඉගෙන ගත්තා මතකය. තවත් මතයක් වන්නේ අම්බලම් රාශියක් එක තැනක තිබූ නිසා අම්බලන්ගොඩ නම සැදුනු බවයි.

Wednesday, May 11, 2011

Mobile Communication at its Best!

කොහොමද ඉතින්? කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවේ. පහුගිය දවස් වල අරහෙ මෙහෙ දුවනවා ඉවරයක් නෑ. දැන් තමයි ටිකක් හරි නිවාඩුවක් තියෙන්නෙ. ලියන්න දේවල් නම් ඕන තරම් තියෙනවා. ඒත් හරි හමන් වෙලාවක් ලැබුනෙ නෑ පහුගිය ටිකේම.


මේ දවස් වල අපේ ජංගම දුරකථන සමාගම් යුද්දෙට බැහැලා. 3.75G 4G 21mbps 100mbps වගේ දේවල් හැමතැනින්ම ඇහෙන්න කියවන්න ලැබෙන කාලයක් මේක. දකුණු ආසියාවේ මුල්ම LTE network එක හැදුවේ අපි කියල දෙගොල්ලෙක්ම කෑ ගහනවනේ. ප්‍රස්නේ කව්රු ඇත්ත කියනවද කියල හිතාගන්න බැරි එකයි. advertisement වල නම් ලොකුවට කියලා තියෙනවා අලි දෙනවා කොටි දෙනවා කියලා. ඔය මොන දේ කිව්වත් අපි ඩොන්ගල් එක ගහගෙන නෙට් යන්න ගියාම තමයි තේරෙන්නේ වැඩේ කියන තරම් සුන්දර නෑ කියලා. 
Related Posts Plugin for WordPress, Blogger...