Sunday, June 24, 2012

රඟහලේදී


වේදිකාවේ ගැයෙන මිහිරි 
ගීත ඇසුමට සිතත් රිසි වී 
ගියෙමි රඟහල වෙතට සතුටෙන්
හිඳ ගතිමි අසුනකට බරවී 

එකින් එක ගී ගැයෙද්දී 
ඉන්න බෑ සංගීතය ඇසි
ගී අසන්නට ආ බවත් 
ඒ වෙලේ අමතක වී යති  

මගේ හඬ අවදි කෙරුවෙමි 
ගයමි දැහැනට සම වැදී
අවට සිටිවුන් මා දෙස බලා 
ඔරවන හැටිත් මා දුටුවෙමි 

කිසි කෙනෙකු නොඅසන මගේ ගී
ඔබ රස විඳින බව මම දනී
කව්රු රැව්වත් ඔබ සිනාසී 
මගේ ගී අසමින් හිඳී

පසු පෙලින් ඇවිදන් ගොසින් 
වේදිකාවට ගොඩ වැඩි 
දෙනෝදාහක් සෙනග අබිමුව 
ගයන සිහිනය දකිනෙමි

මගේ සිහිනය සැබෑ වන
දිනේදී ඔබ එනවද 
අද වගේ පසු පෙළක හිඳ නොව 
ඉදිරි පෙළ හිඳ අසන්නට  
Related Posts Plugin for WordPress, Blogger...